25 March 2017

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනිකාන්ත් ලබන අප්‍රේල්  09, 10 දිනවල යාපනය සහ වවුනියාවේ සංචාරයක යෙදෙනු ඇතැයි හින්දු පුවත් පත ඇතුළු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ‍අප්‍රේල් 09 වෙනිදා යාපනයේ දීත් 10 වෙනිදා වවුනියාවේ දීත් ඔහුගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව පැවැත්වෙනු ඇත. ඉන්දියාවේ ලයිකා චිත්‍රපට සමාගම අනුබද්ධිත ඥානම් පදනම නම් සංවිධානයක් මගින් ඉන්දියානු රුපියල් කෝටි 22 ක් වැය කොට මෙම නිවාස ව්‍යාපෘතීන් නිමකර ඇත.


මෙම උත්සව වලදී රජිනිකාන්ත් යාපනය සහ වවුනියාවේ ජනතාව ඇමතීමට ද නියමිත බව කියනු ලැබේ.
රජිනිකාන්ත් පාතාල නායකයකුගේ චරිතය නිරූපනය කළ 'කබාලි චිත්‍රපටය' පසුගිය කාලයේ ඉන්දියාවේ මෙන්ම ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත්විය. 

මුලාශ්‍ර - ලක්බිම 

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...