25 March 2017

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇතත් සාමාන්‍ය වශයෙන් හෘද රෝග සහ ලිංගික ජීවිතය අතර සෘජු සම්බන්ධයක් ඇති බවට ලොව සිදුකෙරුණු පරීක්ෂණ මගින් මෙතෙක් තහවුරුවී නැතැයි රත්මලාන ශ්‍රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ මහතා කියයි.


එහිදී විශේෂඥ වෛද්‍ය වරයා ‍වැඩිදුරටත් පවසා සිටිනුයේ තත්වය එසේ වුවත් අනියම් සබඳතා වැනි බිය චකිතය මුල්කොට සිදුකරන ලිංගික එක්වීම් වලදීත්, මත්පැන් පානයෙන් පසු සහ අධික ලෙස ආහාර ගැනීමෙන් පසු සිදුකෙරෙන ලිංගික සබඳතා වලදීත් හෘද රෝග ලක්ෂණ ඇත්තවුන්ට සහ හෘද රෝග වැළදී ඇත්තවුන්ට තරමක වැඩි අහිතකර බලපෑමක් සිදුවිය හැකි බව ලොව පුරා සිදුකෙරෙන පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවය.

 ඒ හැරුණු කොට සාමාන්‍ය ව්‍යවහාරයට අනුව මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් ඇති නොවන ඕනෑම කෙනෙකුට ‍ලිංගික සබඳතා පැවැත්වීමේ බාධාවක් නැතැයි විශේෂඥ වෛද්‍ය වරයා කීය.

ලිංගික ජීවිතය කෙසේ වුව වරින් වර මතුවෙන පපුවේ කැක්කුමක් වැනි රෝග තත්වයක දී වෛදවරයකු හමුවීමෙන් තමන් තුළ  පැවතිය යුතු චර්යාත්මක වෙනස්කම් පිළිබඳව වෛද්‍ය උපදෙස් ගත හැකි බවද ‍විශේෂඥ වෛද්‍ය විජේසිංහ කීය.

මුලාශ්‍ර - ලක්බිම

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...