සුවහසක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් මඟබලා සිටි ප්‍රේම දඩයම
දෙවැනි දිගහැරුම සිරස ටීවී තිරයේ දිගහැරීමට මේ වනවිට සියල්ල සූදානම්ය.
නැවුම් අත්දැකීමක් ගෙන දුන් වෙනස් ආරක පෙම් කතාවක ආස්වාදය යළිත් විඳගන්නට
ප්‍රේම දඩයම දෙවැනි දිගහැරුම ඔස්සේ දේශීය ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සැලසෙනු
ඇත. ඉන්දීය ටෙලි තිරය ආක්‍රමණය කළ අති දැවැන්ත ටෙලි නාට්‍යයක් වන නාගීන්
මෙසේ ප්‍රේම දඩයම ලෙසින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිළිණ වේ.
වසර ගණනාවක් පුරාවට ඉන්දීය ටෙලි නාට්‍ය දේශීය ප්‍රේක්ෂකයන් හමුවට
පැමිණියද වෙනස්ම ආකාරයේ කතා තේමාවක් රැගත් ප්‍රේම දඩයම ඒ සියල්ල අභිභවා
රසික සිත් එක් ඇසිල්ලකින් ග්‍රහණය කර ගැනීමට සමත් විය.
පළමු කොටසේ අවසානයත් සමඟ කුතුහලයෙන් කැලඹුණු රසික හදවත් දෙවැනි ඇරඹුමක්
අපේක්ෂාවෙන් සිටි බව නොරහසකි. සිය මනබඳිනා රුවත් රංගන කෞශල්‍යත් තුළින්
රටේම ආදරය සහ ආකර්ෂණය දිනාගත් ශිවන්‍යාගේ ජීවිතයේ ඊළඟට සිදු වන්නේ කුමක්ද
යන්න මේ වනවිට ප්‍රේම දඩයම පළමු කොටස නැරඹූ සියලු දෙනා විමසිලිමත් වන
කාරණාවකි.
ප්‍රේම දඩයම දෙවැනි දිගහැරුම හරහා පළමු කොටසට පණ පෙවූ චරිත රාශියක්
මෙන්ම නව චරිතද හඳුන්වා දෙනු ඇති අතර තවත් පරපුරකට කතාව රැගෙන යන
ශිවන්‍යාගේ සහ රිතික්ගේ දියණියගේ ආගමනය ප්‍රේම දඩයම ටෙලි නාට්‍යය කෙරෙහි
පැවැති රසික ආකර්ෂණය දෙගුණ තෙගුණ කරවන්නට සමත් වනු ඇත. නාග කන්‍යාවක් වන
ශිවන්‍යාගේ හා රිතික්ගේ ආදර කතාව විවිධ සීමා මායිම් මැදින් ගලා ගිය
සොඳුරුතම පෙම් පුවතක් ලෙස කාගෙත් මතකයේ රැඳී ඇත. එම ආදරයේ උත්තරීතර ඵලය
ලෙසින් මෙලොව එළිය දකිනා ශිවංගි හැදී වැඩෙන්නේ මවගේ සහ පියාගේ උණුහුම
නොලබාය. ඇයට ඒ ඉරණම අත්වන්නේ කෙසේද? ශිවංගි තවත් සාමාන්‍ය තරුණියක් ලෙසින්
උස් මහත් වුණිද ඇයත් නොදැනුවත්ව ඇගේ මවගේ ආත්මය ඇය තුළ සක්මන් කරන්නේද?
ශිවංගි සිය සැබෑ අනන්‍යතාවට කෙසේ නම් මුහුණ දෙයිද? සිය මව පණ මෙන් රැකි
නාග මාණික්‍ය ශිවංගිගේද වගකීමක් බවට පත් වන්නේ දෛවයේ සරදමක් සේය.
කෙසේ වෙතත් ශේෂා සහ යාමිනී ශිවංගිගේ ජීවිතයටත් බලපෑම් කරන්නට උත්සාහ
කරන්නේ දෛවෝපගත ලෙසය. මේ සියල්ල අතර ශිවංගිගේ ජීවිතයට සමීප වන රොකීගේ අරමුණ
කුමක් විය හැකිද? කුතුහලය, විශ්මය, විනෝදය සමඟ සබඳතාවන්ගේ වැදගත්කම පිළිබඳ
යටි විවරණයක් කරනා ප්‍රේම දඩයම දෙවැනි දිගහැරුම තවත් සොඳුරු ටෙලි
අත්දැකීමක් වනු ඇත.
දීර්ඝ බලාහිඳුමකට විරාමයක් තබමින් මාර්තු 25දා සිට සෑම සෙනසුරාදා සහ
ඉරිදා දිනකම රාත්‍රි 7.55ට සිරස ටීවී ඔස්සේ ඔබේ ආලින්දයට පිවිසෙන ප්‍රේම
දඩයම දෙවැනි දිගහැරුම අත් නොහැර නරඹන්න ඔබ සැමට ආරාධනා.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...