Showing posts with label Hansika. Show all posts
Showing posts with label Hansika. Show all posts

09 May 2019

ඉතාලි නගරසභාවට යන්න හදන අපේ කෙල්ල


ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා ෆිරෙන්සි නගරසභාවේ සහ කොට්ඨාශවල පවත්වන ඡන්දයට ෆිරෙන්සි 4 වැනි කොට්ඨාශයෙන් තරග කිරීමට නියමිතය.

ඉතාලියේ මැතිවරණයකට සහභාගීවන ළාබාලතම තැනැත්තිය වනු ඇත්තේ ඇයයි.

ඉතාලි මැතිවරණයකින් ජයගත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව මැය වෙයි. තම එකම අරමුණ දේශපාලනය හරහා ජනතාවට සේවය කිරීම යැයි හංසිකා පවසන්නේ මහත් ආඩම්බරයෙනි.

හංසිකා ඉතාලියට ගොස් ඇත්තේ මාපියන් සමඟ වයස අවුරුදු දෙකේදීය. හංසිකා, පියා ෆිරෙන්සි සීජීඅයිඑල් ෆිල්කැම්ස් ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා ලෙසත් කටයුතු කරන සිංහාර මුදලිගේ සමන් පෙරේරා මහතාගේ වැඩිමල් දියණියයි.

සමන් පෙරේරා මහතා කම්කරු නීති උපදේශකවරයකු පමණක් නොව සමාජ සේවකයෙකි.

සමන් පෙරේරා මහතා 2003 දීත්, 2009 දීත් ඉතාලි මහ නගරසභාව වෙනුවෙන් තරග කර මහ නගරසභාවට තේරී පත් වුණු අයෙකි.

හංසිකා පෙරේරා, මේ වනවිට ස්නැව්ඩිච්චි රසල් නිව්ටන් විද්‍යා අංශයෙන් උසස් පෙළ අවසන් වසරේ ඉගෙනුම ලබයි. කුඩා කළ සිට පියාගේ අඩිපාරේ යමින්, දේශපාලනයටත් සමාජ සේවයටත් හංසිකා කැපවී සිටී.

(Courtesy : Rategossip)

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...