දැනට ලෝකයේ ධනවත්ම පුද්ගලයා සහ ලෝ ප්‍රකට ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) තවත් ආකාරයේ වාර්තාවක් බිඳ දමා තිබෙනවා.
ඒ බෙසොස් සහ ඔහුගේ බිරිඳ මැකෙන්සි අතර දික්කසාදය ලෝකයේ මිල අධිකම දික්කසාදය ලෙස වාර්තා අතරට එක්කරමින්.
ජෙෆ් බෙසොස්ට සිය බිරිඳගෙන් දික්කසාද වීම සඳහා ඩොලර් බිලියන 38ක් වැය කිරීමට සිදුව තිබෙනවා.
මෙම සිදුවීමත් සමගම මැකෙන්සි ලෝකයේ සිව්වන ධනවත්ම කාන්තාව බවට පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මැකෙන්සි සහ ජෙෆ් විවාහ වී වසර 26කට ආසන්න කාලයක් ගතවී ඇති අතර, මෙම යුවළට දරුවන් 04 දෙනෙකු ද වනවා.
ජනවාරි මාසයේ දී බෙසෝස් තමාට වංචා කළ බවට මැකෙන්සි චෝදනා කිරීමෙන් පසු අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ දික්කසාදය ගොනු කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව ජෙෆ්ට කෙසේවත් බලනොපාන අතර ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 118ක් වන අතර, ඉදිරියටත් ඔහු ලොව ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු දරණු ඇත.
මේ අතර මැකෙන්සි සිය ධනයෙන් අඩකට වඩා විශාල පරිත්‍යාගයක් සඳහා කැප කිරීමට අදහස් කරන බව ද නිවේදනය කර තිබෙනවා.
(Courtesy : Lankaepuwath)

No comments:
Post a Comment