මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව නගරය, වාලච්චේනය, සෙන්ගලඩි, කලුවන්චිකුඩි ඇතුළුව දමිල ජනතාව බහුලව ජිවත් වෙන ප්‍රදේශවල ව්‍යාපාර ස්ථානයන් වසා දමා තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ..
කෙසේ වුවත් දෙමළ දේශපාලන පක්ෂ හර්තාලය කැඳවුවද අද උදැසන වවුනියාව නගරයේ වෙළඳ සැල් රැසක් විවෘත කොට තිබු අතර වවුනියාව බස් නැවතුම්පොළ හා වවුනියාව පොදු වෙළඳපොළ කටයුතුද සාමාන්‍ය ආකාරයට සිදුවන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
වෙනත් දිනවලදි අධික ලෙස ජනතාව ගැවසෙන නගරයේ ජනතාව ගැවසීම අඩු තත්වයක් පැවතියද හර්තාලය පැවැත්වීම අසාර්ථව ඇති බැව් වවුනියාව ජනතාව හා වවුනියාව ආරක්ෂක අංශ සඳහන් කර සිටිනවා.
හර්තාල් පැවැත්වෙන වෙනත් දිනවලදි වවුනියාව නගරය ජන ශූන්යන තත්වයක් පැවතියද අද දිනයේ නගරයේ සියළු රාජ්‍ය ආයතන විවෘත කොට ඇති ආකාරයක්ද දැක ගැනීමට හැකිවූ බවයි වාර්තා වුයේ.
(Courtesy : Neth News)
No comments:
Post a Comment