24 May 2023
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇලි ඉතා මනරම්ව දැකිය හැකි හොඳම කාල සීමාව බව පරිසරවේදීහූ පෙන්වා දෙති.
“ලංකාවේ තියෙන දිය ඇලි සියල්ලම වගේ හොඳටම බලා ගන්න පුලුවන් කාල වකවානුව තමා මේක. සියල්ලම, මොකද හේතුව නිරිතදිග මෝසම සක්‍රීයවන කාලයට තමා සියලුම කඳුකර, උපකඳුකර සහ අතරමැදි කලාප සියල්ලටම ජලය හම්බවෙන්නේ. මේ කාලවකවානුව තුළදී තමයි ලංකාවේ දියඇලි සියල්ල සක්‍රීය වෙන්නේ. හොඳටම සක්‍රීය වෙලා බලා ගන්න පුළුවන් මේ කාලවකවනුව තුලදී.” පරිසරවේදී සජීව චාමිකර බීබීසී සිංහල වෙත පැවසීය.
ශ්‍රී ලංකාවේ පරිසරය ගැන කියවෙන ජනප්‍රිය ගීත රැසකටම මේ දියඇලි තේමා වී ඇත.මෙම කාලය තුළ
බෝඹුරු ඇල්ල
බෝපත්ඇල්ල
බේකර්ස් ඇල්ල
ඩෙවොන් ඇල්ල
ශාන්ත ක්ලෙයාර් ඇල්ල
ඩන්සිනන් ඇල්ල
ගාරට්මෝර් ඇල්ල
ඇබරඩීන් ඇල්ල
රම්බොඩ දිය ඇල්ල
ගැරඬි ඇල්ල
ලක්ෂපාන ඇල්ල
දූවිලිඇල්ල
බ්‍රාහ්මණ ඇල්ල
ඇතුළු දැකුම්කළු දිය ඇලි මහ ජල කඳක් රැගෙන කඩා හැලෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්ද්රර්යට අමුතුම විභූතියක් එක්කරමිනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිතය තුළ පිහිටි අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල මෙන්ම නෙළුව දූවිලිඇල්ල, දෙදියගල පිහිටි හත්මාල ඇල්ල සහ ඌරා වැටුණු ඇල්ලද මෙම කාලසීමාව තුළ මනරම්ව දැකිය හැකි බව ද පරිසරවේදීහූ පෙන්වා දෙති.
මැයි මස අගභාගයේදී සක්‍රීයවන නිරිත දිග මෝසම සැප්තැම්බර් මාසය දක්වා පවතී.
නිරිත දිග මෝසම් කාලයේ සුළං සහිත කාලගුණය පළමු අන්තර්මෝසම් කාලය පුරා පැතිර පැවති උණුසුම ඉවත් කරයි.
මෙරට ට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් පමණ ආවරණය කරන මෙම වැසි ප්‍රධාන වශයෙන්ම පතනය වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටය.
නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි පතනය වන අතර එම වර්ෂාවෙන් බොහෝ දියඇලි ක්ෂණිකව පෝෂණය ලබමින් දැකුම්කළුව ගලා බසියි.
දිවා රාත්‍රී දෙකෙහිම නිරිතදිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ ප්‍රධාන වශයෙන් නිරිතදිග ප්‍රදේශයට කඩින් කඩ වැසි බලාපොරොත්තු විය හැකි කාලසීමාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම කාලයේ ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 100 සිට මිලිමීටර් 3000 අතර විචලනය වේ.
බටහිර බෑවුම්වල මධ්‍ය උස්බිම් වලට වැඩිම වර්ෂාපතනය ලැබේ. (ගිනිගත්හේන මිලිමීටර් 3267, වටවල මිලිමීටර් 3252, නෝර්ටන් මිලිමීටර් 3121) මෙම ප්‍රදේශවල සිට වඩා ඉහළ උස්බිම් දක්වා වේගයෙන් වර්ෂාපතනය පහත වැටෙන අතර නුවරඑළියේ දී එය මිලිමීටර් 853 දක්වා පහළ බසියි.
නිරිතදිග වෙරළබඩ තීරය දෙසට මෙම විචලනය වඩා අඩු වේගයකින් යුක්ත වන අතර මෙම මාස 5ක කාලය ඇතුළත නිරිතදිග වෙරළබඩ තීරයට මිලිමීටර් 1000 සිට මිලිමීටර් 1600 ක වර්ෂාපතනයක් ලැබේ.
අඩුම වර්ෂාපතන අගයක් උතුරු සහ ගිණිකොණ දිග ප්‍රදේශවලින් වාර්තා වේ.
බෝපත් ඇල්ල රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පිහිටා ඇති මනස්කාන්ත දිය ඇල්ලකි.
මෙම කාලසීමාව තුළ මාඔය, අත්තනගළු ඔය, කැළණිගඟ, කළු ගඟ, ගිංගඟ, නිල්වලා ගඟ යන ගංඟා පද්ධතිවලට වැඩිම වර්ෂාපතනයක් ලැබෙයි.
(Courtesy : BBC)
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇල...
No comments:
Post a Comment