30 June 2019

2. වණ්ණුපත ජාතකය

තවද එක්සමයෙක්හිබුදුහුදෙව්රම් වෙහෙර වැඩවසනසේක්භාවනා කිරීමෙහිහරණලද විර්යය ඇතිභික්ෂූ කෙණෙකුන්වහන්සේඅරභයා මේ ජාතකය වදාළ සේක. ඒකෙසේද? යත්බුදුරජානන්වහන්සේසැවැත්නුවර වසන කල්හිඑම නුවර වසන්නා වූඑක්කුලපුත‍්‍රයෙක්ජේතවනාරාමයට ගොස්බුදුන්ගෙන්බණ අසා රත්නත‍්‍රයෙහි ප‍්‍රසන්න වූසිත්ඇතිව කාමයෙහිආදීනව හා ප‍්‍රවෘජ්‍යාවෙහිඅනුසස්අසා මහණව උපසම්පදා පස්වසක්ඇතුළත උභයමාතෘකාව වනපොත්කොට සික්ෂා පද ඉගෙන භාවනා මාර්ගයන්ඉගෙන සර්වඥයන්සමීපයේදී තමන් වහන්සේට අභිප‍්‍රාය වූකර්මස්ථානයක්ගෙන උදකලාව වාසය කැමතිව වලට වැද වනයෙහිසැදැහැ ඇතිඋපාසක
වරුන්විසින්කරවා පිළිගන්වන ලද පන්සලක වස්වැස වස්තුන්මස මුළුල්ලෙහිමාර්ග ඵල උපදවන්නට උත්සාහ
කරණ සේක්විදර්ශනා ලෝකයක්වේවායිප‍්‍රතිභාග නිමිත්තක්වේවායිඋපදාව ගත නොහිමෙසේසිතුසේක.

සර්වඥයන්වහන්සේවිසින්පුද්ගලයෝසතර දෙනෙක්වදාරණ ලද මොහුන්සතර දෙනා අතුරින්මා පද පරම
වන්ට කාරණය වන්නේය. මට මේ ආත්ම භාවයෙහිමාර්ගයෙක්වත්ඵලයක්වත්නැතැයිසිතමි. එසේහෙයින්
මේ වනයේවැස කුමක්කෙරෙම්ද?. සර්වඥයන්වහන්සේසමීපයට ගොස්රූපාග‍්‍රප‍්‍රාප්ත වූබුදුන්ගේශරීරය බල
බලා මිහිරී වූබණ අසමින්විසියෙම් වීම් නම් යහපත්වන්නේයැයිසිතා නැවත ජේතවනා රාමයට වැඩි සේක.
උන්වහන්සේදැක සන්ද්‍රාදෘෂ්ට සම්භක්ත භික්ෂූහූමෙසේකිවුහ. ඇවැත්නිතෙපිලොව්තුරා බුදුන්ගෙන්කමටහන්
ගෙන මහණ දම් කෙරෙමි ගිවිස දැන්වූකලීවලින්අවුත්සනසන්ඝනීකා යෙහිඇලීවාසය කරව. කිමෙක්ද
තොපගේප‍්‍රවෘජා කෘත්‍යය මුදුන්පැමිණියේද පුනරුත්පත්තියක්නැතුව අර්හත්ඵල ඥානය ප‍්‍රතිවේද කලාදැයිකීහ.
ඇවැත්නිමම මාර්ගයක්වත්නොලැබම අභව්‍ය පුද්ගලයෙක්විය යුතුයැයිසිතා වීර්යය හැර ආමී සේක. එකල්හි
භික්ෂුන්වහන්සේකියන සේක්ඇවැත්නිදෘඪ වීර්යය ඇතිසර්වඥයන්වහන්සේගේසාසනයෙහිමහණව භාවනා
කොට මාර්ගඵල ඉපදවීමෙහිවීර්ය අඩුව තොප විසින්අකාර්යක්ම කරන ලද අපහාස කැටිව එව. සර්වඥයන්
වහන්සේසමීපයට යම් හයිකියා ඒභික්ෂුව කැඳවාගෙන බුදුන්සමීපයට ගිය සේක. සර්වඥයන්වහන්සේභික්ෂුන්
දැක මහණෙනිතෙපිමේ භික්ෂුව නොකැමැතිපරිද්දෙන්කැඳවා ගෙන කුමක්පිණිස අවුද. මොහුවිසින්කවර
අපරාදයක්කරන ලදැයිවිචාරා වදාළ සේක. එකල්හිභික්ෂූන්වහන්සේදක්වන සේක්ස්වාමීනිමේ මහන මෙබඳු
නෛර්යාණික ශාසනයෙහිමහණව මහණ දම් කරන්නේවිර්ය ඇර ආයේයැයිදැක්වූසේක. එකල්හිසර්වඥයන්
වහන්සේසැබැද මහණ තා විර්ය හලූයෙහියැයිවදාරා සැබැව ස්වාමීනිදැන්වූකල්හිකිමෙක්ද මහණ තෝමෙබඳු
ශාසනයෙහිමහණව අල්පේච්ච සේක. සතෘෂ්ට සේක. කුලයෙහිගෙණෙහිනොඇලෙන සේක. වඩන ලද වීර්ය
ඇතිසේකැයිමෙසේතමා ප‍්‍රසිද්ධ නොකොට මේ මහණ හරණ ලද වීර්ය ඇත්තේයැයිකුමක්පිණිස ප‍්‍රකාශ
කරවූයෙහිද. මහණ තෝපෙර වීර්ය වත්වූයේනොවේද. තා එක තැන්වූකල වීර්ය නිසා මරු කතර පන්සියයක්
ගැල්වල ඒමිනිසුන්හා ගොන්පැන්ලැබ ස්වාසස්ථානයට පැමිණියෝනොවැද දැන්තෝකවර කාරණයකින්වීර්ය
ඇරපුයෙහිවේදැයිවදාල සේක. එකල්හිඒමහණ මෙපමණ බසකින්උපසම්ඵහ ලද්දේවිය. ඒකතාව අසා භික්ෂූන්
වහන්සේබුදුන්ට යාඤ්ඥා කරණ සේක්ස්වමීනිදැන්මේ භික්ෂූහූවිසින්වීර්ය හල බව අප ඇමට ප‍්‍රකාශය.
අතීතයෙහිමොහුතනිතැනැත්තවූන්ගේවීර්ය නිසා මරු කතර ගොන්හා මිනිසුන්පැන්ලැබ ස්වාසස්ථානයට
පැමිණිබව භවයෙන්පටිච්ඡුන්න හෙයින්අපට ප‍්‍රකාශය නුඹ වහන්සේගේසර්වඥතා ඥාණයටම ප‍්‍රකාශය අපටත්
ඒකාරණය ප‍්‍රකාශ කොට වදාළ මැනවැයිආරාධනා කළ සේක. එකල්හිසර්වඥයන්වහන්සේඑසේවී නම්
මහණෙනිඅසව් යයිකියා ඒභික්ෂුන්ට සිහිඋපදවා භවාන්තරයෙන්සැඟ උනා වූකාරණය ප‍්‍රකාශ කොට වදාල
සේක.

යටගිය දවස කසීරට බරණැස්නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන්රාජ්‍ය කරන කල්හිඅප මහා බෝ
සතානෝසාන්තුනායක කුලයෙහිපිළිසිඳගෙන වැඩි විය පැමිණ පන්සියයක්ගැලින්වෙළඳාම් කොට ඇවිදිනාහුය.

මෙසේවෙළදාම් කොට ඇවිදිනාහුමහා බෝධි සත්වයෝඑක්කලක මරු කතරක පැමිණියාහුය. ඒවාළුකා
කාන්තාරයෙහිවැලිඉතා සියුම් වන්නේය. මිටින්ගත්වැලිමිට නොසිටින්නේය. හිරු නැගිවේලෙහිපටන්
කිහිරඟිරු රැුසක්මෙන්කකියන්නේය. පයින්වැලිමැඩගෙන යන්ට නොපිළිවන. එසේහෙයින්ඒවාළුකා
කාන්තාරයෙහියන්නා වූසත්වයෝදර පැන්තෙල්සහල්ආදිය ගැලින්අරගෙන රාත‍්‍රියෙහිගොස්අරුණ නැගුණ
වේලෙහිගැල්මුදා ගැල්පට වලල්ලෙහිසිටුවා මුදුනෙහිකොළ මඩුඉදිකොට වේලාසනම කා බී ඇකිල මණ්ඩප
ඡුායාවෙහිඉඳ දවස්යවා ඉර බැස ගිය කල්හිරාත‍්‍රිභෝජනය අනුභව කොට බිම සීතලව ගිය කල්හිගැල්යොදා
ගෙන යන්නාහුය. සමුද්‍ර යාත‍්‍රාවක්හා සමාන වූගමන්වන්නේය. ගැල්පදවා ගෙන යන ප‍්‍රධාන පුරුෂ තෙමේ
ගොඩ නියමුවා යැයිනම් ලබන්නට සුදුසුවන්නේය. එසේහෙයින්තරුසලකුණින්ගැල්සාත්තුපදවාගෙන
යන්නේය. අප මහා බෝසතානෝද එකල්හිමේ ක‍්‍රමයෙන්ඒමරු කතර යන්නාහුඑකුන්සැට යොදුනක්ගොස්
දැන්එක රාත‍්‍රියකින්ම මරුකතර ගෙවා සේම භූමියට පැමිණීම වන්නේයැයිකියහැකි. අවස්ථාවෙහිසවස බත්
අනුභව කොට සියළු දර පැන්නිමවා ගැල්යොදා ගෙන නික්මුනාහුය. නියාම පුරුෂයානෝඉදිරියේයන ගැල
දික්සඟලා පුටුවක්අතුරුවාගෙන ආකාශයෙහිතරු සලකුණුබලමින්ගැල්මෙසේපදුව මෙසේපදුවයිකිය කියා
වැදහොත්තැනැත්තෝය. බොහෝකලක්නොනිදු බැවින්නින්දෙන්මිරිකීනිදන්නට පටන්ගත්තාහුය. එකල්හි
ගොන්කරකැවි ආපස්සේනික්මුනා බව නොදන්නාහුගැල්අඳනාගොන්සකල රාත‍්‍රියෙහිඅවුත්පළමුදවස්ලැගි
තැනටම පැමිණියාහුය. සාත්තුනායක තෙමේ අරුණ නැගෙන වේලෙහිපිබිද නැකැත්තරු බලා ගැල්රඳව
රඳවයිකීයේය. මෙසේකියා ගැල්කරකවා පිළිවෙළින්සිටුවමින්සිටියදීම අරුණුනැංගේය. මනුෂයෝකියන්නාහු
මේ අපගේකඳවුරු බැඳ උන්තැනය. අපගේදර පැනුත්නිමවා ගියේය. දැන්නටුවෝමෝදැයිකියා ගැල්මුදා ගැල්
වට වලල්ලෙහිසිටුවා මුදුනේමණ්ඩපයක්කොට තම තමන්ගේගැල්යට සෝක ගෙන උන්නාහුය. එවෙලෙහි
අප මහ බෝසතානෝමා විර්ය ඇරපුවොත්සියල්ලෝම නසිතියිසිතා උදෑසන සිසිල්වේලේම ඇවිදිනා
තැනැත්තෝඑක්ඊ තන පඳුරක්දැක මේ තණ පඳුරට දිය උරමින්නැංගේවනැයිසිතා උදැල්ලක්ගෙන්වා ගෙන
ඒඊතන පඳුර තිබුතැන කණින්ට පටන්ගෙන සැට රියනක්පමණ කැණපූය. මෙතෙක්තැන්කැණ නැවතත්
පල්ලේකන්හයිඋදුලූ එලන්නාවුමනුෂ්‍යන්ගේඋදුලයට ගල තල මත්තේවැද ගන්නට පටන්ගත්කල්හිඇම දෙන
අවීරියව ගියහ. බෝධි සත්වයෝවනාහීවම් ගල තලින්යට පැන්විය යුතුයයිසිතා ලිඳට බැස ගල තල මත්තෙහි
සිට නැමී තමා දියේයන හඬ පරීක්ෂා කරන්නෝගල තල යටින්දිය යන අඬ අසා ලිදෙන්ගොඩ නැගීතමන්ගේ
අතවැසිපුරුෂයා හට මෙසේකිවුය. දරුව තොප අවීරියව ගියෝත්අප සියල්ලෝම නසුම්හ. එසේහෙයින්තොපි
අවීර්යව නොවි පසුනොලැබ වීර්ය වඩා මේ යකුල ගෙන ලිඳට බැස මේ ගල තල මත්තෙහිකුළු ගණනක්
එලාපියවයිකියුය. ඒඅසා අතවැසිපුරුෂ මහ බෝසතානන්ගේවචනය පිළිගෙන ඇමදෙන වීර්ය තබා පියා සිටි
කල්හිතෙමේ විර්ය නොහැර ලිඳට බැස ගල තල මත්තෙහියකුලූ ගණනක්එලාපුයේය. එකල්හිගල තල මධ්‍යනේ බිඳි යට වැටි අවිචින්නව පවත්නා වූජල ප‍්‍රවාහනය ඇස වාගෙන සිටියේය. නාඹ තල්කඳක්සා දිය කඳක්උඩ පැන නැංගේය. එකල්හිසියළු මනුශ්‍යයෝපැන්බී ජලස්නානය කොට ඉතිරිව තිබුගැල්සක්ආදිය පුරා කැඳ බත් ආදිය පිස අනුභව කොට ගොනුන්පැන්පොවා තණ ආදීය කවාගෙන ඉර බට වේලෙහිලිඳ සමීපයෙහිදදජයක් බැඳ මරු කතර ගෙවා තමන්විසින්කැමතිව නල ලද්දා වූස්ථානයටම ගියාහුය. ඒමනුෂ්‍යයෝතමන්අභිප‍්‍රාය ස්ථානයෙහිදී බඩුවිකුට එකට දෙක හා එකට සතර නියායෙන්දෙදියුණුසතර දියුණුලාභ ලැබ තමන්පළමු වසන්නා වූස්ථානයටම පෙරලා ආවාහ. ඒහැම මනුෂ්‍යයෝඑහිවසන්නා වූආයුපමණින්සිට කම් වූපරිද්දෙන් මිය පරලව ගියාහය. මහබෝසතානෝද ධානාදී වූපින්කම් කොට කම් වූපරිද්දෙන්මියපරලොව ගියාහුය.

තිලෝගුරු සම්‍යයක්සම්බුදු රජානන්වහන්සේමේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා තවද මත්තෙහිඒ
භික්ෂූන්වහන්සේට ධර්ම දේශනා කරන සේක්යම් සේවෙළදුන්නොකූසිතව මරු කතර ලිං බැඳ පැන්ලද්දාහුද
එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහිමහණව නුකූසීතව වීර්ය කරන්නා වූනුවණැතිමහණ තෙමේ iාන
මෝක්ෂා මාර්ගඵල ආදී වූප‍්‍රභේද ඇතිලය සැනසීම ලබන්නේය. මහණ තෝපෙර පැන්පමණක්නිසා වීර්ය
කොට දැන්මෙබඳු නෛර්‍යාත්මික සාසනයේමහණව මාර්ගඵලයට පැමිණීමෙහිකවර කාරණයකින්වීර්ය
ඇරපුයෙහිදැයිමෙසේනැවතත්ධර්ම දේශනා කොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයැයිකියන ලද චතුරාර්ය සත්‍ය
ප‍්‍රකාශ කොට වදාල සේක. චතුසත්‍යය දර්ම දේශනාවගේකෙළවර පසුබට වීර්ය ඇතිභික්ෂූන්වහන්සේඅර්හත්
ඵලයෙහිපිහිටි සේක. සාතෘ වූබුදුරජානන්වහන්සේඅතීත කතාවත්වර්ථ මාන කථාවත්දෙක එක්කොට
අනුසන්ධි ගලපා මේ වන්ණුපත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහිනුපසුබට වීර්ය ඇතිගල තල බිඳ
මහජනයාට පැන්දුන්අතවැසිපුරුෂයා නම් දැන්මේ පසුබට වීර්ය ඇතිමහණ වන්නේය. එසමයෙහිමරු කතර
ගියා වූසෙසුපර්ෂද නම් දැන්මේ බුදු පිරිස්වන්නාහ. එසමයෙහිසාත්තුනායක පුත‍්‍රනම් දැන්තිලෝගුරු සම්‍යයක්
සම්බුදු රජ වූමම ම වේදැයිතමන්වහන්සේදක්වා වදාළ සේක.

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...