05 May 2019

හාතාවාරිය වල ගුණ



හාතාවාරිය ව්‍යාප්තිය නිවර්තන කලාපවල හා උප නිවර්තන ප‍්‍රදේශවල හා ඉන්දියාව, ලංකාව, අප‍්‍රිකාව, ජාවා සහ ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල බහුල වශයෙන් දක්නට ලැබේ.අප රටේ පහත රට වියළි ප‍්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබේ. පහත රට ප‍්‍රදේශවල සාමාන්‍ය කඳු ප‍්‍රදේශවල ද දක්නට ලැබේ.මෙම ඖෂධය තුළින් ශරීර ශක්තිය වඩන අතර රුධිරවල ආම්ලික බව නැතිකර පිරිසිදු කරයි.

තවද මුත‍්‍රා අමාරු සුවකර තරුණ බව ඇති කිරීමට හේතු වේ. අත් පා සන්ධි ඉදිමීම සුවවීමට හාතාවාරිය අල යුෂ මිරිකා බීම සුදුසු වේ. තවද වාත රක්ත රෝගයට ඉතා හිතකර වේ.

හදවත් රෝගීන්ට ඉතා හිතකර ආහාරයකි. අද අප රටේ කිසිඳු වියදමකින් තොරව ඉඩමේ වැට මායිමේ සිටවා ගැනීමට හැකි වේ. එමෙන් තම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මෙන්ම උදෑසන ආහාර වේලක් පිරිමසා ගැනීමට ද හැකි වේ.කිසිඳු කෘමි නාශකයක් හෝ පරිසර හානියකින් තොර අප ශරීර සෞඛ්‍ය ශක්තිමත් කරන මෙවන් ඖෂධ පැළෑටි කෙරෙහි අප අවධානය යොමු කරමු.

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...