12 May 2019

ක්‍රිකට් දූෂණ: "ඇමතිට අල්ලස් දීමට තැත් කළ" නිලධාරියෙකුට අයිසීසීය චෝදනා


අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුට දූෂණ විරෝධී නීති යටතේ චෝදනා ගොනු කරනු ලැබ තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දක්ෂතා විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියා කළ සනත් ජයසුන්දරට දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝණය කිරීමට අදාළව චෝදනා ගොනු කළ," බවය.

ඒ අනුව, සනත් ජයසුන්දරගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ද එම නිවේදනයේ දැක්වේ.

ඔහුට එල්ල කර ඇති චෝදනා පහත දැක්වේ;

*    ජාත්‍යන්තර තරගයක ප්‍රතිඵලයට හෝ ප්‍රගතියට බලපෑම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් හෝ වෙනත් ත්‍යාගයක් ලබා දීමට උත්සහ කිරීම. (ක්‍රිකට් දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.1.3 වගන්තිය උල්ලංඝණය කිරීම)

*   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති අනුව දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වනු ලැබූ විමර්ශනයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම. (ක්‍රිකට් දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.4.7 වගන්තිය උල්ලංඝණය කිරීම)

මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සනත් ජයසුන්දරට දින 14ක කාලයක් ලබා දී තිබේ.

(Courtesy : BBC/Sinhala)

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...