මියුසික් වීඩියෝ කිහිපයකින් ඇයව අපට දැක ගන්නට පුළුවන්. නිරූපණ
ශිල්පිනියක් විදියට කටයුතු කරන ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ
ශිෂ්‍යාවක්. ඇය නිමාෂා සෙව්වන්දි. නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට
බලාපොරොත්තු වන නිමාෂා කතා බහට එකතු වුණේ මෙහෙමයි.
මුලින්ම ඔයාව හඳුන්වාදුන්නොත්?
මම නිමාෂා සෙව්වන්දි වැන්ඩොර්ට්. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙන ගන්නවා. මගේ පවුලෙ ඉන්නේ අම්මයි තාත්තයි මායි නංගියි. මගෙ ගම කැලණිය.
නිරූපණය කරන්නේ ඇයි?
මම නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදියට. මගේ ආත්ම තෘප්තිය සඳහා.
නිරූපණයට කොයි කාලේද එකතු වුණේ?
දැන් නිරූපණය කරන්න පටන් අරන් අවුරුදු එකහමාරක් විතර
දැනට නිරූපණයෙන් දායක වෙලා තියෙන වැඩ කටයුතු?
දැනට මම මියුසික් වීඩියෝ හතකට පමණ දායක වෙලා තියෙනවා. ඒ වගේම tv commercial, costume photo shoot, casual photo shoot, bridel shootවලට දායකවෙලා තියෙනවා. ඒ වගේම පත්තරවල මුල්කවර බොහොමයක් සඳහා දායකවෙලා තියෙනවා.
වෘත්තීය වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
උපාධිය සම්පූර්ණ කරලා කථිකාචාර්යවරියක් වීමට තමා බලාපොරොත්තු තියෙන්නේ. හදිසියෙවත් ඒ ඉලක්කය සපුරාගන්න බැරි වුණොත් පාසල් ගුරුවරියක් වෙයි.
පාසල් ගියේ කොහෙද?
මම පාසල් ගියේ කැලණිය මහා විද්‍යාලයට
අද කාලේ ආදරය කියන දේ ගැන හිතෙන්නේ මොනවාද
මෙහෙමයි. ආදරේ කියන්නේ අපිට ආදරේ ලැබෙන අය අනුව වෙනස් වෙන හැඟීමක්. පොඩි කාලේ ඉඳන් අපිට විවිධ අයගෙන් ආදරය ලැබෙනවා. පසුව පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ලැබෙන ආදරේ ඊටත් වඩා වෙනස්. ආදරේ කියන්නේ මේකයි කියලා වචනෙන් හරියටම අර්ථකථනය කරන්න අමාරුයි. ආදරය තුළ විශ්වාසය, තේරුම් ගැනීම, එකිනෙකාට ගරුකිරීම, පරිත්‍යාගය අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. අනෙකාගේ සතුට ගැන නොසිතන ආදරය සැබෑ ආදරය නෙමේ කියලයි මට හිතෙන්නේ.
ඔබ පෙම්වතියක්ද?
ම්ම්ම්....ඔව් මම පෙම්වතියක්.
දෙමාපියන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය?
මගෙ අම්මා තමා ඇත්තටම නිරූපණයෙන් ඉදිරියට යන්න ගොඩාක් උදවු කරන්නේ. තාත්තානම් පොඩ්ඩක්වත් කැමති නැහැ මේ පැත්තෙන් සම්බන්ධ වෙනවට. අනිත් හැම වැඩකටම මට ගෙදරින් ලොකු සහායක් ලැබෙනවා. එයාලා නැත්තම් මම අද මේ තැන නැහැ.
ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව?
ම්ම්ම්....එහෙම මම කවදාවත් ලොකු බලාපොරොත්තු තියන් ජීවත් වෙන කෙනෙක් නෙමේ. ජීවිතේට එන හැම දෙයකටම හොඳින් මූණදීලා සතුටෙන් නිවැරදිව ජීවත් වෙන්න. උපාධිය හොඳින් කරලා කථිකාචාර්යවරියක් වෙන්නත් නිරූපණ ක්ෂේත්රයෙන් හෙමින් හොඳ විදියට කාගෙන්වත් වචනයක් අහන් නැතුව ඉස්සරහට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියෙදී පාරවල්වල අසරණ වෙන අහිංසක සතුන්ට පිළිසරණක් වෙන්න හැකිවන විදියෙ වැඩපිළිවෙළක් කරන්න ඉන්නෙ. මොකද මම පොඩි කාලේ ඉඳන් සතුන්ට ගොඩාක් ආදරෙයි. ඒක මගෙ ලොකු ආසවක්.
මොනවද අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ?
මට පොඩි කාලේ ඉඳන් මේ තැනට එන්න උදවු කළ හැමෝටම ස්තූතියි.
No comments:
Post a Comment