ආසියානු මළල ක්රීඩා උළෙල මේ දිනවල ඉන්දියාවේදි පැවැත්වෙනවා.
එහි මීටර් 800 කාන්තා ධාවන තරගය ඊයේ පැවැත්වුනු අතර එහි රන් හා රිදී පදක්කම් දෙකම ලක්මව ඉදිරියේ පලඳවන්නට නිමාලි ලියනආරච්චි සහ ගයානි තුශාරි ක්රීඩිකාවන් සමත් උනා.
ප්රථමයෙන් මෙහි රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියානු ක්රීඩිකාවක් විසින්.
නමුත් ඇය තරගයේ අවසන් මීටර කිහිපයේදි තරගය ජය ගැනීමට සිටි නිමාලි ලියනආරච්චි තල්ලු කර දමන අතර ඇය පසු කිරීමට පැමිනි ගයානි තුශාරි අවහිර කරනවා.
නිමාලි ලියනආරච්චි සහ ගයානි තුශාරී සමග ශ්රී ලංකා බලධාරීන් මෙයට එරෙහිව විරෝධය දක්වා ඇති අතර ඉන්පසු සංවිධායකයන් විසින් නිතී විරෝධි තරග රටාවට ඉන්දීය ක්රීඩිකාවගේ රන් පදක්කම අහෝසී කර තිබෙනවා.
ඒ අනුවයි තරගයේ රන් පදක්කම නිමාලි ලියනආරච්චිටත් රිදී පදක්කම ගයානි තුශාරිටත් හිමි වන්නේ.
කෙසේ වෙතත් තරගාවලිය පුරාම ඉන්දීය ක්රීඩකයන්ගේ නිතීවිරෝධි හැසිරීම් , ඉන්දීය සංවිධායකයන්ගේ ඒකපාර්ශවික තීරණ ලෝක මළල ක්රීඩා ක්ෂේත්රයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනු දැකගත හැකියි.