11 July 2017

රංගිරි දඹුලු විහාරය තාවකාලිකව වසා දැමීමේ තීරණයක්


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, විහාරය සදහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර අලෙවිය ද මධ්‍යම සංස්කෘතික අරමුදල භාරයට ගන්නා ලෙස එම උපදේශන මණ්ඩලය නිර්දේශ කර ඇති බවයි.

සංරක්ෂණ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත රන්ගිරි දඹුලු ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුවීම හේතුවෙන් පුරා විද්‍යා උපදේශක සභාව මේ තීරණවලට එළඹ ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

මේ පිළිබඳව රන්ගිරි දඹුලු රජාමහා විහාරයේ භාරකාර ජූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගෙන්ගෙන් New1st කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කළේ, එවැනි කරුණක් සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි.

සුපුරුදු පරිදි සැදැහැවතුන් වෙනුවෙන් රන්ගිරි දඹුලු ලෙන් විහාරය විවෘතව ඇති බව ද ආචාර්ය ගොඩගම මංගල හිමියෝ සඳහන් කළහ.

1991 වසරේදී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන රන්ගිරි දඹුලු රජ මහා විහාරය වළගම්බා රජු දවස කරවූ බවට ඉතිහාසයේ සඳහන් ය.

මහනුවර යුගයට අයත් චිත්‍ර රැසකින් සමන්විත මෙම ලෙන් විහාර සංකීර්ණය ලෙන් 5 කින් සමන්විතයි.
බුද්ධ ප්‍රතිමා 153ක්, රජවරුන්ගේ ප්‍රතිමා 3ක් සහ දේව ප්‍රතිමා 4ක් ද ඇතුළත් මෙම ලෙන් විහාරය මෙරට චිත්‍ර කලාව හා ප්‍රතිමා කලාව පිලිබද අධ්‍යයන කරන දෙස් විදෙස් විශේෂඥයින්ට අතිශයින් වැදගත් වේ.

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...