දඹුළු රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් විසින් කාන්තාවන්ගේ අකමැත්ත නොසලකා ඔවුන් පවුල් සැලසුම් සායනවලට යොමුකරන බවට වාර්තා පළවීමත් සමඟ එය සමාජ කතිකාවක් බවට පත්විය.
ඒ පිළිබඳව බීබීසිය කළ විමසීමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඉහත කී කාන්තාවන් කරන ප්‍රකාශන සම්බන්ධයෙන් විභාගකොට වාර්තාවක් සපයන මෙන් මධ්‍යම පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට සහ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට දැනුම් දුන් බව කියාසිටියේය.
"ඔවුන් ඇඳ ඉහපත් කීපයක් පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව බොහෝ කාන්තාවන් ඔවුන්ගේ කැමැත්තෙන් පවුල් සැලසුම් සායනවලට සහභාගී වෙලා තිබෙන බව පෙන්නුම් කෙරෙනවා. කීප දෙනෙක් සම්බන්ධයෙන් පමණයි ප්‍රශ්නයක් තියෙන බවක් පේන්නේ" සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.
මෙම ප්‍රශ්නය සමාජ කතිකාවක් බවට පත්වුණේ ඊට පමණ ඉක්මවා ලබා දුන් ප්‍රචාරය නිසා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.
මුලාශ්‍ර : BBC
No comments:
Post a Comment