12 March 2017

ඇමෙරිකානු සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරුවක්

ඇමරිකානු හමුදාවේ සියලු අංශවලට අයත් භටයන් තමන් සමග සේවයේ යෙදී සිටින හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කර ගනිමින් සිටින බව හෙළිදරව් වී තිබේ.
දැනට සේවයේ යෙදී සිටින සහ සේවයේ යෙදී සිටි මරීන් සෙබළියන්ට අයත් ෆේස්බුක් සමාජ ජාලයේ පළ වූ ඡායාරූප විශාල වශයෙන් හුවමාරු වී ඇති බවට පසුගිය සතියේ කරුණු අනාවරණය විය.

ඇමරිකානු නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කෙසේ නමුත් වෙනත් හමුදා අංශවලට අයත් භටයන් විසින් ඡායාරූප සිය ගණනක් හුවමාරු කර ගන්නා ලද වෙබ් අඩවියක් බීබීසීයට දැකගත හැකි විය.

එවැනි හැසිරීමක් සිය වටිනාකම්වලට "නොගැළපෙන" බව පෙන්ටගනය පැවසීය.

නිර්නාමික ඡායාරූප පළ කිරීම සඳහා පහසුකම් සලසන වෙබ් අඩවියක් භාවිත කරමින් හමුදා භටයන් විසින් තමන් සමග සේවයේ නිරත හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගනු ලැබ තිබේ.

ෆේස්බුක් ඔස්සේ බාගත කළ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු සෙබළියකගේ ඡායාරූපයක් පළමුව අදාළ වෙබ් අඩවියේ පළ කොට එම සෙබළියගේ නිරුවත් ඡායාරූප ඇත්දැයි සෙසු සාමාජිකයන්ගෙන් විමසනු ලබයි.

ඇතැම් අවස්ථාවල එසේ පළ කරනු ලබන ඡායාරූප සමග සෙබළියන්ගේ සේවා ස්ථානය ඇතුළු ඔවුන්ගේ නම් සහ තොරතුරු ද අඩංගු වේ.

එවැනි බොහෝ ඡායාරූප සම්බන්ධයෙන් අසභ්‍ය වචන භාවිත කරමින් අදහස් පළ කර ඇති ආකාරයත් දැකගත හැක.

අපචාරය පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමග තිස් දහසක් සාමාජිකත්වය දැරූ 'Marines United'නමැති ෆේස්බුක් පිටුව වසා දමා තිබේ.

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...