තවද එක් සමයෙක්හී සකල ගුණ නිදාන වූතිලෝ ගුරු බුදු රජානන් වහනසේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වා වදාල සේක.
ඒ කෙසේද යත් ඒපසුබට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවශේෂ භික්ෂූන් වහන්සේ විසින් බුදුන් සමීපයට කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදුහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට එම්බල තෝ මෙබඳු මාර්ග ඵලදායක ශාසනයෙහි මහණව විර්ය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන්තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භුතව වැඩ උන්සේක. එකල්හි එතැනට රැස්වූ භික්ෂූන් වහන්සේ සකසා හැඳ පෙරව පල භාරයෙන් නැමනා වූ කදැලි වෘක්ෂයක් මෙන් බුදු රජානන්වහන්සේට අභිමුඛව නම් නච බන්ධාඤලීව දොහොත් මුදුනෙහි තබා භක්තිපේ්රමාතිභාර වනෝත් තම මාංගයෙන් නමස්කාර කොට සිට ඒඅර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක.
එවෙලෙහි බුදුරජානන් වහන්සේ අන්‍යභවයෙන් සැඟවුනා වූකාරණය ප්‍රකාශ කොට ඉකුත්වත්දක්වා වදාල සේක. යට ගිය දවස මෙම කල්පයට පස්වෙනි වූ අප මහා බෝධි සත්වයෝසේරිව රාජ්‍යයෙහි රංපසිඹුපහිය කරලා කිසිල්ලෙහි ගෙන්වා ගෙන වෙළඳාම් කෙරෙන හෙයින්කච්චපුට වාණිජය නම් ඇතිවෙළඳ උපන්නාහ. ඒ
වෙළෙඳානෝ සේරිවාණිජ නම් එක්ලෝභි වෙළෙදකුහා සමග නිලවාහිනී නම් වූ ගෙඟන්එතරව අන්ධපුර නම්
නුවරට වැද නුවර විථිය බෙදාගෙන තමන්ට පැමිණි වීථියෙහි බඩු විකුණමින් ඇවිදිති. අන්‍යය ලෝභි වෙළඳ තම පැමිණි වීදියෙහි බඩු විකුට ඇවදිනේය. එකල්හි එක් සිටුකුලයක ඇත්තෝ දුප්පත්වූය. සියළු මල්බෑයන් හා
දරුවෝත් වස්තුවත් නැසිගියෝය. එක්මිණිබිරි කුඩා කෙල්ලක් මිත්තනියන් හා සමඟ නොනැසිරඳා ගියාය.
ඔවුන් දෙදෙනම අනුන්ට බැල මෙහෙවර කොට ජිවත්වෙති. මොවුන් දෙනොගෙහි පළමු මහ සිටානන් බත්
අනුභව කල රන්තලියන්වළං අතුරෙහි තිබි බොහෝ දවසක් ප්‍රයෝජන නොවු හෙයින්මළ ගැසී ගියේය. ඒතාක්
වන තුරු ඔහු දෙදන රන්තලිය බවක් නොදනිති. එකල ඒලෝභිවෙළඳා කදා වළුලූ ගනුවයි කියමින් ඇවිදිනේ
ඒ ගේදොරට පැමිණියේය. ඒ ගෙයි කුමාරිකාවෝ වෙළදා දැක මුත්තනියන්ට කියන්නේ මෑණියනි මට එක්
පළදානවක් ගනුවයි කීව. ඒඅසා මුත්තනියෝ අපිදුක්ඛිත යම්හ. කුමක්දී පළඳනා ගනුමෝදැයි කීයුය. එ වෙලෙහි ඒ කුමාරිකා කියන්නේ අපගේ තලියක් ඇත. ඒ තලියෙන් අපට කිසි ප්‍රයෝජනයකුත් නැත. මේ තලිය දී පියා වළලූ ගත මැනවැයි කීහ. මුත්තනියෝ ඒකුමාරිකාවගේ ඇවිටිලි බලවත් හෙයින් වෙළදා කැඳවා අස්නක හිඳුවා තලියදී ස්වාමිනිමේ තලිය අරගෙන නුඹගේ නැගනියන්ට නිසි පළඳනාවක් දුන මැනවයිකීයුය.
ඒලෝභිවෙළඳා තලිය අතින්ගෙන රන්තලියක්වනැයිතලිය පිට ඉඳිකටුවෙන්ඉරක්ඇඳ රන්භව දැන මොවුන්ට කිසිවක් නොදිම මේ තලිය ගෙනයමියි සිතා මේ තලිය කුමක් අගිද. අඩමදටකුත් පමණ මේ තලියට මිළ නැත්තේයැයිකියා බිමට දමා හුනස්නෙන් නැගී ගියේය. එක්කෙනෙකුන් වැඳ නික්මුනු විථියට අනෙක් තැනැත්තේ වදින්ට නිසිවන්නේයැයි බෝධිසත්වයෝ ඒ විථියට වැද කදාවළලූ ගනුවයි කියමින්එම ගේදොරට පැමිණියෝය. නැවත ඒකුමාරිකා තම පළමු පරිද්දෙන්ම මුත්තනියන්ට කියන්නේ මෑනියනිමට වළලූ අරගෙන දුන මැනවැයි ඇවිටිලිකීව. එකල්හි මුත්තනනියෝ කුමාරිකාවන්ට කියන්නෝ දුවනියනි පළමුව ආ වෙළඳානෝ තමාට දුන්තලිය බිමට දමා ගියෝය. දැන් කුමක්දී ගනිමෝදැයි කිවුය. ඒඅසා කුමාරිකා තෙම කිය්නනේ මෑනියනි ඒ වෙළඳතෙම තද පරුෂ බස් ඇත්තේය. මේ වෙළදානෝ වූකලි ප්‍රිය වූදැකුම් ඇත්තෝය. මොලොක්වූ කතා ඇත්තෝය. එසේ හෙයින් මේ තලිය අරගෙනදී මට පළඳනා අරගෙන දුන මැනවැයිවළලූ නම් යහපත්වේදැයි කියුය. ඒකුමාරිකාවගේ බස් අසා මුත්තනියෝ කියන්නෝ එසේ විනම් කැඳවයි කියා වෙළඳානන් කැඳවුහ. ඉක්බිත්තෙන් ගෙට වැදලා උන්නා වූ බෝධි සත්වයන්ට ඒතලිය දුන්නාහ. බෝධි සත්වයෝ ඒ රන්තලියේ නියාව දැන කියන්නාහු මෑණියනිමේ තලිය අගනා බඩුමා අත නැතැයිකියුහ. ඒඅසා කුමාරිකාවගේ මුත්තනියෝ කියන්නෝ පළමු ආ වෙළදානෝමේ තලිය අඩමදටකුත් නොපුස්නේයැයි කියා බිමට දමා ගියෝය. මේ තලිය වූකලි නුඹගේ කුසලයෙන් ස්වාමීනි රත්රන්ව ගියවනැයි අපි නුඹට මේ තලිය දෙම්හ. අපට යම් තම් දෙයක්දී පියා මේ තලිය ගෙන ගිය මැනවැයිකීයුහ. බෝධිසත්වයෝ එකෙණෙහිම අත තිබු පන්සියයක් කහවනු හා පන්සියයක් අඟනා බඩුදී මිල ඇම මදියිමට මේ පළන්දන්ට පසුම්බියත් කහවනු අටකුත් දුන මැනවයි මෙපමණක් ඉල්වා අරගෙන පළා ගියා හුය.
මහබෝසතානෝ වහ වහා ගංතෙරට ගොස්ඔරු පදනා තොටියාට කහවනු අටක්දී ඔරුවට පැනනැංගාහුය. ඉක්බිත්තෙන් ඒ ලෝභි වෙළඳා නැවතත් ඒ ගෙට ගොස් පළමු මා බලා පියා ගිය තලිය ගෙනව යන්තම් මිලයක් තොපට දෙමියිකියා කියුය. ඒ අසා කුමාරිකාවගේ මුත්නනියෝ ඕ හට බැණ දොඩා අපගේලක්ෂයක් වටනා ගනරන් තලිය අඩමදටකුත් නොමුස්නා කෙලිහිය.
තට ස්වාමි දරුවෙකු වැනි වූ එක් ධර්මිෂ්ට වෙළදාන කෙනෙක් අපට දහසක් මිළ දී ඒතලිය අරගෙන ගියෝවේදැයි කිවුය. ඒඅසා හෙතම ලක්ෂයක් වටනා ඝණ රන්තලියෙන් පිරිහීගියෙම් වේදැයිමට වූයේ බලවත් හානියකැයි උපන්නා වූබලවත් ශෝක ඇතිව සිහි එලවා ගන්නට අසමර්ථව ඉසංඥව තමා අත තිබූ
කහවණුත් බඩුත් ඒගෙදරම වගුරුවා හං පෙරවි පිරිහෙලා පළන්දන්ඩ මුගුරක් මෙන් අල්ලාගෙන බෝධිසත්වයන් පසු පස්සේ ලූහුබැඳවාගෙන යන්නේගං තෙරට පැමිණ යන්නා වූබෝධිසත්වයන්දැක එම්බල තොටිය ඔරුව රඳවයි රඳවයි කියා අඬගසා ලීය. ඒඅසා බෝධි සත්වයෝ තොටියාට කියන්නාහු ඔරුව ආපස්සේ කරකවා නොපදුවයි වැලකූය. තමා කිබස් නොගිවිස ඔරුව නොරදා පදනා ඔරුවෙන්යන්නා වූ බෝධිසත්වයන් බල බලා සිටියා වූ ඒ ලෝභි වෙළඳාට බලවත් වූ සෝක උපන්නෝය. ලය උණුව ගියේය. මුඛයෙන් උණුලේ නැගීය. වැවක පැලිවලල්ලක් මෙන් ලය පැලි ගියේය. ඒ ලෝභි වෙළඳා බෝධිසත්වයන්කෙරෙහි ආගාත බැඳ එතනැම ජිවිතක්ෂයට පැමිණියේය. මෙසේ බෝධි සත්වයන් කෙරෙහි දේවදත් ස්ථවිරයන් වහන්සේ පළමුවෙන් වෛර බැඳිම වන්නේය. බෝධි සත්වයෝ ධානාදී වූ පින්කම් කොට කම්වූපරිද්දෙන් මිය පරලව ගියෝය. තිලෝගුරු බුදුරජානන් වහන්සේමේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට වදාරන සේක් යම් සේපෙර සේරිවාණිජ නම් වෙළඳා ලක්ෂයක්වටනා ඝන රන්තලිය නොලැබ ඒතලිය ගන්ට වීර්ය නොකොට ඒතලියෙන්පිරිහිසෝක කරේද පංචස්තාපයට පැමිණියේද එපරිද්දෙන්මහණ තොපිමේ සාසනයෙහි සරහා පිළියල කරන ලද රන්තලියන් වැනිවු ආර්ය මාර්ගයට පසුබට වීරිය ඇති බැවින් නොපැමිණ ඒ මාර්ග ඵලයෙනුත් පිරිහි බොහෝ කලක් සෝක කරන්නාහුය. ඉඳින්තෝ වීර්ය නොහළුවේ වේනම් නුවණ ඇති වෙළඳා නම් රං තලිය ගෙන ප්‍රයොජනය වින්ද කලක් මෙන් මාගේ ශාසනයෙහි නවවිද ලෝකෝත්තර ධර්මය ලබන්නේහි වේදැයිමෙසේ ඒ සර්වඥයන් වහන්සේ නැවතත් ඒභික්ෂූන් වහ්න්සේට අර්හත් ඵලය කුලූ ගන්වමින් ධර්ම දේශනාව දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාලසේක. චතුසත්‍යය ධර්ම දේශනාවේ කෙළවර පසුබට වීරය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. තවද බුදුහු පූර්වාපර සන්ධි ගලපා මේ සේරිවාණිජ ජාතකය නිමවා වදාල සේක.
එසමයෙහි අඤ්ඤාණ වෙළදා නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. එසමයෙහි නුවණ ඇති වෙළදානම් තිලෝගුරු සම්යයක්සම්බුදු රජ වූමම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

No comments:
Post a Comment