10 March 2017

ත්‍රස්තවාදීන් 200ක් මරු තුරුළට යැවූ සුපිරි වෙඩික්කරු නීරෝගේ (Niro) මවට අවසානයේ සාධාරණය ඉටුවෙයි

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කිරිමේ සටනේදී සැඟවුණ වෙඩික්කරුවෙකු ලෙස ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් අමිල මෙහෙයක් කළ ක්‍රෝපල් රංජිත් ප්‍රේමසිරි නොහොත් නීරෝගේ මවට නිවසක් ලබාදීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

යුද්ධය පැවැති කාලසීමාවේදී බොහෝ දෙනෙකු නීරෝ පිළිබඳව උනන්දුවක් දැක්වූ අතර ඔහු ත්‍රස්තවාදී සටනේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් සිය ජිවිතය පුදකළේය. එල්.ටී.ටී.ඊ. ඉදිරිපෙළ සාමාජිකයන් 200ක් පමණ මරුවා තුළට යැවීමට නීරෝගේ ස්නයිපර් ප්‍රහාර බලවත්විය.

යුද්ධය අවසන්වීමට දින කිහිපයක් තිබියදි නීරෝගේ අභාවය සිදුවූ අතර ඔහුගේ මෑණියන් වන පල්ලම, ඉහළ මන්දලානේ පදිංචි රීටා ප්‍රනාන්ද මහත්මියට ආණමඩුව ගම් උදාවේ භූමි භාගයකදී නිවස ඉදිකිරීමට නියමිතය.

නීරෝගේ මවට ජීවත් වීමට නිවසක් නොමැති බව පසුගිය දිනවල විවිධ වාර්තාද පළවී තිබිණ.

Source : Neth Gossip

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...