27 February 2017

'කිම් ජොන් නාම් (Kim Jong Nam) ඝාතනයේ ගාස්තුව ඩොලර් අනූවයි'

Siti-Aisyah
උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ගේ සහෝදර කිම් ජොන් නාම් ඝාතනය සම්බන්ධයෙන් මැලේසියානු පොලිසිය විසින් ඉන්දුනීසියානු කාන්තාවක් අත්අඩංගුවට ගනුලැබ ඇති අතර ඝාතනයට හවුල්වීම වෙනුවෙන් තමාට ඇමෙරිකානු ඩොලර් අනූවක් ගෙවූ බව එම කාන්තාව පවසයි.

තමා ඊට හවුල්වුණේ එම කාර්යය මගින් කිසිවකුට හාණියක් සිදු නොවනු ඇතැයි යන විශ්වාසයෙන් බවත් එම කාන්තාව ප්‍රකාශ කොට ඇත.


කොරියානු හෝ ජපන් ජාතිකයකුගේ පෙනුමැති පුද්ගලයන් දෙදෙනෙක් ළදරුවන් සඳහා පාවිච්චි කරන ආකාරයේ තෙලක් වැනි දියරයක් තමාට දුන් බව සිති ආයිසා (Siti Aisyah)නම් එම කාන්තාව ඇය හමුවූ ඉන්දුනීසියානු තානාපති නිලධාරීන්ට සඳහන් කළාය.

ලෝකයේ දරුණුතම විෂක් ලෙස සැලකෙන "වී එක්ස්" (VX) රසායනය එම ඉන්දුනීසියානු කාන්තාවට දී ඇති තෙල්වල අඩංගු විනැයි සැලකෙයි.

කිම් ජොන් නාම් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැලේසියානු පොලිසිය ක්වාලාම්පූර් අගනුවර පිහිටි මහල් නිවසක් සෝදිසි කළ බවක් ද වාර්තාවෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හතර දෙනෙකු මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, කොරියානු ජාතිකයන් හතර දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් දියත්කොට ඇත.

Kim Jong Nam
Source : http://www.bbc.com/sinhala/world-39090094

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...