ඇෆ්ගනිස්තානය පුරා රුක් රෝපණය කරන මෙන් ඇෆ්ගනිස්ථානයේ එරට තලෙයිබාන්
නායක හෙබතුල්ලා අක්හුන්දාසා සිය අනුගාමිකයන්ගෙන් බලවත් ඉල්ලීමක් කරයි.
තාලිබාන් සටන්කරුවන්ගෙන් මෙන්ම ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියන්ගෙන්ද, තාලිබාන් නායකයා මෙම ඉල්ලීමකර ඇත.
හඬ පටයක් ද සහිතව ඔහුගේ නමින් නිකුත්වී ඇති නිවේදනයේ දැක්වෙන්නේ ශාක මගින්
සතුන්ට සහ මිනිසුන්ට ආහාර සැපයෙන බැවින් මුස්ලිම් භක්තිකයෙකු විසින් රුක්
රෝපණය කරනු ලැබීම පුණ්‍යකර්මයක් බවය.
හිටපු නායකයා මරණයට පත්වීමෙන් පසු පසුගිය වසරේ මැයි මාසයේ සිට තාලිබාන්
නායකත්වයට පත්වූ හෙබතුල්ලා අක්හුන්දාසා සැඟවී සිටියි.තාලිබාන් හිටපු නායකයා
මරණයට පත්වූයේ එක්සත් ජනපද හමුදා විසින් නියමුවන් රහිත ප්‍රහාරක යානා
යොදාගනිමින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයකට ගොදුරුවීමෙනි.
2001 වසරේදී එක්සත් ජනපද හමුදා මැදිහත්වී තාලිබාන් පාලනය පෙරළා දමන තුරු
1996 පටන් ඇෆ්ගනිස්ථානයේ වැඩි භූමිභාගයක් පාලනය කරනු ලැබුවේ තලිබාන්
සංවිධානය විසිනි.
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇල...
No comments:
Post a Comment