මිහින්තලය යන නම ඇසු පමණින් බෞද්ධයන්ගේ සිතේ මැවෙන චිත්‍රය වන්නේ මිහිදු හිමියන්ගේ වැඩමවීම හා ලංකාවට බුදු දහම ගෙන ඒමයි. මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අඩි 1000ක උසින් යුතු ශේෂ කන්දකි.
මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩමකොට මිහින්තලාවේ අම්බස්තලයේදී දේවානම්පියතිස්ස රජුට දහම් දෙසා තෙරුවන පිළිබඳ හැඟීමක් හා දැනීමක් ඇති කිරීම ලක්දිව බෞද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කරයි. මිහිදු හිමියන් ලක්දිවට බුදු දහම ගෙන ඒමත් සමග අන්ධ භක්තියෙන් ගස් ගල් වන්දනා කල ලාංකිකයන්ට නව බෞද්ධ දර්ශනයක් විවර විය.
මිහින්තලයේ ඉතිහාසය
ක්‍රිස්තු පුර්ව තෙවැනි සියවසේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක මිහිදු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සුමණ සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත් පංච ධර්මදූත කණ්ඩායමක් ලක්දිව බුද්ධශාසනය පිහිටුවීම අරභයා පිටත්කොට එවන ලදී. එහිදි මිහිඳු තෙරුණ්ට මිහින්තලයේදී දේවානම් පියතිස්ස රඡු හමුවි දෙදෙනා අතර ප්‍රශ්නෝත්තර මාලාවක ස්වරුපයන් සංවාදයක් ඇති විය. ඉන්පසු මිහිදු හිමි රජුගේ බුද්ධිය අවබෝධ කර ගැනීමෙන් පසු රජු ඇතුළු පිරිසට පළමු ධර්ම දේශනය සිදුකර ඇත. මිහින්තලය අතීතයේ විවිධ නම් වලින් හදුන්වා ඇත. ඒවා නම්
චේතියගිරිය,
සෑගිරිවෙහෙර,
මිස්සක පව්ව, සහ
චේතිය පබ්බත නම් වේ.
පළමු භික්ෂුවගේ වාසස්ථානය ලෙසින් ඉතිහාස ගතවන්නේ මිහින්තලයයි. මිහිඳු හිමියන් ප්‍රමුඛ පළමු ධර්මදූත පිරිස ලක්දිවට වැඩම කළ දිනයේ උන්වහන්සේලා පළමු රාත්‍රිය ගත කළ ඇත්තේ මිහින්තලයෙහිය. එමෙන්ම පළමු වස් සමයේදී වස්කාලයද ගත කිරීමට තෝරාගනු ලැබුවේ මිහින්තලයයි.
දේවානම්පියතිස්ස රජු විසින් ලාංකීය භික්ෂු පිරිසද ඇතුළු වන ලෙසින් භික්ෂු වාසය සදහා අටසැට ලෙන් මෙහි සකසන ලද්දේය. සිවු දෙසින් වැඩම කල භික්ෂුන් සදහා මෙම ලෙන් පුජා කර ඇත. ලංකාවේ පළමු භික්ෂු වාසස්ථානය ලෙසට මෙම ලෙන් පත්වීමත් සමග ලක්දිව සියලු තැන්හි භික්ෂු වාසය සදහා ගල් ලෙන් පිලියල කල බව ලෙන් ලිපි වලින් තහවුරු වේ.
මිහින්තලයේ කර ඇති ඉදිකිරීම් බොහොමයක් දේවානම්පියතිස්ස රජු විසින් ආරම්භ කර ඇති ඒවාය. රජු විසින් භික්ෂුන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගුහා 68 ක් ද කරවා ඇත. සෙල්ලිපි, මැඩපත්, ලෙන්ලිපි, කටාරම් ලිපි ආදි පුරාවිද්‍යාත්මක සාධක තුලින්ද මෙම ඉදිකිරීම් පිළිබද තොරතුරු හෙළිදරවු වේ.
මිහින්තලය කදු පාමුල පැරණි රෝහලක නටබුන් දක්නට ලැබේ. මෙහි ගල්වලින් කරන ලද බෙහෙත් ඔරුවක්ද, එම යුගයට අයත් යැයි සැලකෙන ගොඩනැගිලි වල කොටස් ද දැකිය හැකිය. රෝහල් ගොඩනැගිල්ලට පහලින් අලංකාර ගල් කැටයම්ද, ගලින් කරන ලද බරාඳි වැටවල්ද මුරගල් ද දක්නට ලැබේ. රෝහලේ සිට කදු මුදුනට ඇති පඩිපෙළේ පඩි 1840 ඇත.
මෙය අඩි 425ක පමණ වටප්‍රමානයකින් යුතු කවාකාර ස්ථූපයකි. මෙය දිශා හතරකට අයත් වාහල්කඩ හතරකින් සමන්විත වේ. මෙම සියලු වාහල්කඩ සතුන්, මානව, දිව්‍යමය සංඛ්‍යාලේඛන සහ මල් මෝස්තර රටා මූර්ති වලින් සරසා ඇත.
මෙම වාහල්කඩ කුළුණු මත සතුන් හතර දෙනෙකුගේ රුප දැකිය හැක. නැඟෙනහිර දෙසින් පිහිටි වාහල්කඩේ අලි රුපයද උතුරින් පිහිටි වාහල්කඩේ සිංහයාද, බටහිර පිහිටි වාහල්කඩේ අශ්වයා හා දකුනෙන් පිහිටි වාහල්කඩේ ගොනා ද වේ. ඉන්දියානු සහ ශ්‍රී ලංකීය පුරාවිද්‍යාඥයන් බොහෝ දෙනෙක් මෙම සතුන් හා දිශා හතර අතර සංකේතාත්මක සම්බන්ධයක් තිබෙන බව විශ්වාස කරයි.
කණ්ඨක චේතියේ ඇති වැදගත්ම වාහල්කඩක් වන්නේ අලි හිසක් හා අත් දෙකකින් යුතු දෙවියන්ගේ රුපය සහිත වාහල්කඩයි. මෙම දෙවියන්ගේ රුපය බොහෝ දෙන ගණපති ලෙස හදුන්වයි. කණ්ඨක චේතියේ ඇති ගණපති මුර්තිය පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් අතර ගැටලු සහගත තත්වයක් නිර්මාණය කර ඇත. කිසිවෙකුටත් ගණපති දෙවියන් වහන්සේ හා බුදු දහම අතර ඇති සම්බන්ධය පැහැදිලි කරගැනීමට මෙතෙක් නොහැකි වී ඇත.
මිහින්තල මළුවෙහි වම් පැත්තට වන්නට භෝජන ශාලා පිහිටා ඇත. එය සෘජුකෝණාස්‍රාකාර වන අතර දිගින් අඩි 62ක් ද, පලලින් අඩි 25 ක් ද වේ. එය වටා ගබඩා කාමර පිහිටා ඇත. ජල නළ පධතියක කොටස් මේ අවටින් හමුවී ඇති නිසා සැලසුම් සහගත ජල සම්පාදන ක්‍රමයක් තිබු බවට නිගමනය කල හැකිය. භෝජනාගාරය අසල විශාල ගල් භාජන දෙකක් දක්නට ඇත.
මේවා ආහාර ගබඩා කිරීමට භාවිතා කර ඇතැයි විශ්වාස කෙරේ. ගොඩනැගිල්ලට ඇතුළුවන දොරටුව දෙපස විශාල ශිලා ලේඛන දෙකක් පිහිටා ඇත. ආරාමයේ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය නීති රෙගුලාසි මෙහි සඳහන්ය. ඊට නොදුරින් තවත් තැනිතලාවක භික්ෂුන් වහන්සේලා හමුවී ධර්මය හා විනය සාකච්චා කරන්නට ඇතයි සිතන රැස්වීම් ශාලාවක් දැකිය හැක. මෙය ගල් කණු 48 ක් මත ඉදිකරන ලද විවෘත ගොඩනැගිල්ලක් වේ. දාන ශාලාවට අසලින් පිහිටි අඩි 88 ස්තුපයක තවමත් කුමක්දැයි හදුනාගෙන නොමැත.
මෙය මාතලන්තිස්ස රජතුමා විසින් කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මිහිදු හිමි දේවානම්පියතිස්ස රජු මුණගැසුණු අවස්ථාවේ රජු සිටින්නට ඇතැයි යන ස්ථානයේ මෙම දාගැබ කරවා ඇත.
මිහිඳු සෑය
දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උපතිස්ස රජ විසින් මෙය ඉදිකළ බවට මහාවංශයේ සදහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් මෙහි නිදන් කොට ඇත. මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑ අතුරින් එකක් වේ.
මිහිඳු ගුහාව
අම්බස්තල දාගැබේ සිට කඳු බෑවුම් දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ගුහාව තෙක් විහිදේ. මිහිඳු ගුහාව යනු මිහිඳු මහානාහිමියන් සැතපී විවේක ගත් ස්ථානයයි. සියළුම ගුහා වලින් වඩාත් ප්‍රසිද්ධ හා බෞද්ධයින් වඩාත් පුජනියත්වයෙන් සලකන්නේ මිහිදු ගුහාවටයි.
මේවා ක්‍රිස්තු පුර්ව යුගයට අයත් ලෙන් වේ. දේවානම්පියතිස්ස රජු, මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සියලු ඉන්දීය හා ලංකික භික්ෂූන් උදෙසා මෙම ලෙන් 68 ඉදිකොට පුජා කරන ලදී.
කළු දිය පොකුණ
පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන බැවින් එයට කළු දිය පොකුණ යන නම ලැබී ඇත.
සිංහ පොකුණ
සිංහ පොකුණ ලෙසින් ව්‍යවහාර වුවද එය පොකුණක් නොවේ. මෙය සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පීල්ලකි. මෙය විනාශ වී ගිය ආරාම බහුල ප්‍රදේශයක පිහිටා ඇත.
නාග පොකුණ
අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට මෙම නාග පොකුණ මුණ ගැසේ. මෙය වර්ෂා ජලයෙන් පෝෂණය වන බවට විශ්වාස කෙරේ. මෙම පොකුණෙන් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා අවශ්‍ය ජලය සැපයීමද, එදිනෙදා භික්ෂු ජල වුවමනා සැපිරීමද සිදුවී තිබේ.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇල...