මෝටර් රථයක් තුළ දමා ගොස් සිටි කුඩා දැරියන් දෙදෙනෙකු උෂ්ණත්වය දරාගත නොහැකිව මරණයට පත්වීමේ පුවතක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
මෙම කුඩා දැරියන් දෙදෙනා පැය 15ක් පමණ මෝටර් රථය තුළ දමා ගොස් ඇති බවට, මියගිය දැරියන්ගේ මවට චෝදනා එල්ලවී ඇතැ'යි ටෙක්සාස් පොලිසිය පවසයි.
මිය ගිය එක් දැරියකගේ වයස අවුරුදු දෙකක් වන අතර ඇගේ බාල සොයුරිය වන අනෙක් දැරිය මාස දොළහක බිළිඳෙකි.
මව දහනම හැවිරිදි ය.
පොලිසිය පවසන පරිදි, පසුගිය බදාදා (ජුනි 07) රාත්‍රී 9.00ට දැරියන් දෙදෙනා මෝටර් රථය තුළ දමා ගිය මව නැවත පැමිණ ඇත්තේ පසුදා දහවල් 12.00ට පමණ ය.
මව මිතුරන් හමුවීමට
ඒ මොහොත වනවිට වාහනය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් දක්වා ඉහළ යා හැකි බව පොලිසිය පැවසීය.
පොලිස් ප්‍රධානියා කියා සිටියේ දැරියන් දෙදෙනා මෝටර් රථය තුළ සිටිය දී මව මිතුරන් හමුවීමට ගොස් ඇති බවය.
පසු දා මධ්‍යහ්නයේ දී මව ආපසු පැමිණෙන විට දැරියන් දෙදෙනා සිහිසුන්ව සිට ඇත.
16 හැවිරිදි මිතුරෙකු
තමන්ට චෝදනා එල්ල විය හැකි බවට ඇති වූ බිය හේතුවෙන් ඇය ඉක්මන් ප්‍රතිකාර සඳහා දැරියන් දෙදෙනා රෝහලකට ගෙනගොස් නැත.
පොලිසිය පවසන්නේ දැරියන් දෙදෙනා මෝටර් රථය තුළ දමා, මව තම 16 හැවිරිදි මිතුරෙකු සහ තවත් පිරිසක් සමඟ නිවසක් තුළ සිට ඇති බවය.
මිය ගිය කුඩා දැරියන් දෙදෙනාගේ පියා සිද්ධිය වූ අවස්ථාවේ එහි සිට නැත.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...