දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි මිසයිලය කි.මී.60 ක් (සැතපුම් 40) දුර පියාසර කර ඇත.
සිය සාමකාමී වැඩපිළිවෙලක් යැයි උතුරු කොරියාව හඳුන්වාදෙන අත්‍හදා බැලීම් වැලක එක අදියරක් ලෙස සඳහන් කළද, පුළුල් ලෙස විශ්වාස කෙරෙන්නේ මෙය න්‍යෂ්ටික අවි වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ලෙසය.
උතුරු කොරියාව මෙම අත්හදා බැලීම කළේ චීන ජනාධිපති සී ජින් පිං ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා එරටට යාමට ආසන්නව තිබියදීය.
කවර ආකාරයක මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදා බැලීම් වළකාලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට තහනම් කරනු ලැබ තිබුනද, එය නැවත නැවතත් බිඳ දමමින් පවතී.
"තවත්" අතරමැදි දුර බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මෙය හඳුන්වා දී ඇති අතර, "එක්සත් ජනපදය උතුරු කොරියාව ගැන ඇති තරම් කතා කර තිබෙනවා. තවත් කියන්නට දෙයක් නැහැ" යයිද පැවසීය.
එක්සත් ජනපද හමුදාවේ පැසිෆික් (ශාන්තිකර කලාපය) විධානය පවසන පරිදි, පෙනෙන ආකාරයට උතුරු කොරියාව අත්හදා බැලුවේ KN-15 මැදි දුර බැලිස්ටික් මිසයිලයකි.
පසුගිය මාසයේදී උතුරු කොරියානු - චීන දේශ සීමාවට ආසන්න ප්‍රදේශයක සිට ජපාන මුහුද දෙසට උතුරු කොරියාව විසින් මියිල 4ක් විදිනු ලැබිණි.
එය "නව අදියරක තර්ජනයක්" බව එවර ජපාන අගමැති ෂින්සෝ අබේ පැවසීය.
උතුරු කොරියාව බිහිසුනු දේට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට නැවත ලැයිස්තුගත කිරීම සඳහාවූ කෙටුම්පතකට එක්සත් ජනපද දේශපාලනඥයින් ප්‍රබල ලෙස සහය දුණි.
ඊට උතුරු කොරියාව ප්‍රතිචාර දැක්වුයේ, ජ්‍යාත්‍යන්තර ප්‍රජාව සම්බාධක දැඩි කළහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමිනි. පවතින තත්වය එක්සත් ජනපදය විසින් "යුද්ධයක් ආසන්නයට" තල්ලු කරන බවද එරට පැවසීය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී අනතුරු අඟවමින් පැවසුවේ, සිය ගැටලු සහිත අසල්වැසියාව හසුරුවා ගැනීමට චීනය සහය නොදෙන්නේ නම් උතුරු කොරියාව තනිවම හැසිරවීමට ඇමෙරිකාව අපේක්ෂා කරන බවය.
චීනය, උතුරු කොරියාව දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම වෙළෙඳ කටයුතුවලදී සමීප හවුල්කරුවකු වුවද න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නැවතීමට ප්යොං යැං පාලනය එකඟ නොවීම මත දෙපාර්ශවය අතර සබඳතාව ද අසීරු තත්වයට පැමිණ ඇත.
මූලාශ්‍ර - බීබීසී