11 June 2017

ආදරණීය ප්‍රින්ස් වෙනුවෙන්....


අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මෙලොවින් සමුගත්තත් ඔහුට ආදරය කරන රසිකයන්ට ඔහු වෙනුවෙන් යමක් කිරීමට හැකි නම් ඒ සඳහා කිර්ති පැස්කුවල් ආරාධනා කර තිබේ. ඒ පිළිබඳව කිර්ති පැස්කුවල් තම ෆෙස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබේ. 
ආදරණීය ප්‍රින්ස් වෙනුවෙන්....
අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් අද දින රෝහලට ගෙවීමට තිබූ අතර, මසක් ඇ‌තුළත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබාදුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා.
වසර දෙකක කාලයක් තුළ එතුමාගේ සො‌යුරිය දැනට ලක්ෂ 125ක් පමණ මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල්වලට ගාස්තු සඳහා වියදම් කළේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිණීමෙන් සහ ඔබ අප කළ පරිත්‍යාගයන් වලින්.
අද දවසේ උදෑසන ප්‍රින්ස්ගේ බෙහෙත් වේල ලබාගැනීම සඳහා ෆාමසියට යන ඇයට බෙහෙත් ලබාදීම ප්‍රතික්ෂේප වන්නේ බිල නොගෙවීමේ හේතුව මතයි. නමුත් කාරුණික කළමනාකාර මහතෙකුගේ මැදහත්වීම නිසා ඇයට ප්‍රින්ස් වෙනුවෙන් අවසන් බෙහෙත් වේල දෙන්නට හැකිවුණා.
ඒ මොහොතේ සොහොයුරියක් ලෙස ඇය කෙතරම් අසරණ වන්නට ඇත්ද.
බොහෝ ආ‌ර්ථික දුෂ්කරතා දරාගෙන මේ සියලු බාධාවන්ට මුහුණදෙන මෙම සොයුරිය...
මේ මොහොතේදී අප සියලුදෙනාගේ කාරුණික සහයෝ‌ගය බලාපො‌රො‌ත්තු වෙයි.
ප්‍රින්ස් වෙනුවෙන් අපට හැකි උපකාරයක් කරමු.
ශිරෝණි ප්‍රියංගිකා
ගිණුම් අංක- 8103017799
කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව.
මෙම සටහන තුළින් ප්‍රින්ස් ප්‍රතිකාර ලබාගත් රෝහල කිසියම් අසාධරණයක් කළ බවක් ප්‍රකාශ නොකරන අතර, ප්‍රින්ස් ප්‍රතිකාර ලබාගත් කාලය තුළ ඔහු වෙනුවෙන් බොහෝ සහන රෝහල විසින් ලබාදුන් බව වැඩිදුරටත් සඳහන් කරමි.
කීර්ති පැස්කුවල්
ශ්‍රි ලාංකේය ගායක ගායිකා සංගමය.



පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...