මහ ඉහළින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන ටෙලි නාට්‍ය නළු නිළියන්ට ටික
කාලයකට පසුව එම යුවළ වෙනස්වීම නිසා විවිධ අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ
අවස්ථා කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා.
නව පරපුරේ ජනප්‍රිය යුවළක් වූ සාරංග දිසාසේකරගේ සහ උමාලි තිලකරත්නගේ
විවාහය දෙදරා ඇති බවට කටකතා පැතිර යනකොට තවත් ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන
මේනකා පීරිස් ගේ විවාහය දෙදරා ඇති බවට මේවන විට තොරතුරු වාර්තා වනවා.
මේනකා පීරිස් 2014 වසර අගදී විවාහ දිවියට පිවිසියේ නෝර්වේ රාජ්‍යයේ වාසය
කරන ශ්‍රී ලාංකික තරුණ සහකාර මහාචාර්යවරයෙකු වූ අමර් සමගින්. මේ විවාහයද
ඉතාමත් ඉහළින් පැවැත්වුණා.
විවාහය කිට්ටුවී ඇය තම රසිකයින්ට මනාලයා හඳුන්වා දී තිබුනේ මෙලෙසයි.
‘එයා අමර්. ඉන්නෙ නෝර්වේ වල.එහේ විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙක්.
ඒවගේම එයා තෙල් සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අපි දෙන්නා දැනගෙන හරියටම
මාස 9යි. විවාහය තීරණය කළේ දැනගෙන මාසයකින්.යෝජනාවකින් අපි අඳුනගත්තෙ.
පෙබරවාරි මාසේ 21 වනදා යෝජනාව ආවේ.
අපි දවස් ගාණක් ස්කයිප් එකින් කතා කළා. හැබැයි වීඩියෝ ඔන් කළේ නෑ. දවස් 4
කට පස්සේ තමා වීඩියෝ ඔන් කරලා දෙන්නට දෙන්නා දැක්කෙ. අපිට විවාහය කල්දාන්න
ඕන වුනේ නෑ. මාර්තු 21 වෙනකොට හොටෙලූත් බුක් කළා.
එයාව මට අඳුන්නල දුන්නෙ මගේ අම්මා. මං හෙව්වෙ සිගරට් අරක්කු බොන්නැති
හොඳ ගතිගුණ තියන කෙනෙක්.එයා ඒ වගේ කෙනෙක්. මාත් එක්ක මුලින් කතා කරද්දි මං
නිළියක් බව දැනගෙන හිටියෙ නෑ.
එයා ලංකාවෙ වැඩි කාලයක් ඉඳල නැති නිසා. ඒත් නිළියක් බව දැනගත්තම කිව්වා
බැන්දට පස්සේ ක්ෂේත‍්‍රයෙන් අයින් වෙලා නෝර්වේ පදිංචියට එන්න ඕන බව. මං ඒ
තීරණයට කැමතියි. මං පසුව රඟපෑමෙන් සමුගන්නවා.’
මේ ආකාරයට 2014 නොවැම්බර් මාසයේ කියූ මේනකා පසුව එම දෙසැම්බර් මාසයේම මහ ඉහළින් විවාහ උත්සවය ගත්තා.
විවාහයෙන් පසු ඇය විදේශ ගතවුණා. කෙසේ නමුත් මාස පහ හයක් යන්නට පෙර ඇය
තනිව ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත්වලට පවසා තිබුනේ සැමියාට එහේ වැඩ
තිබෙන නිසා තමා තනිව ආ බවත් නැවත යන බවයි.
නමුත් ඇය දිගින් දිගටම ටෙලි නාට්‍ය භාරගෙන තිබූ අතර පසුගිය කාලයේ ඇය
මතකයේ රැඳෙන ටෙලි චරිත ගණනාවකටද රංගනයෙන් දායක විය. ඇය ඇගේ පුද්ගලික
ජීවිතයේ ගැටලු තිබුණත් හෙළි කළේ නැත.
නමුත් කාටත් රහසේ මේනකා අමර් අතර සම්බන්ධයද බිඳ වැටී තිබේ. ඔවුන් දික්කසාදයද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට මේනකා තවත් අලුත් විවාහයකට සූදානම්වන අතර ඔහු නැටුම්
පරම්පරාවකින් පැමිණ ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහයි. රනිල්ට මේනකා
වඩාත් ගැළපුනේ දෙදෙනාම නර්තනයට ඇති කැමැත්ත නිසාය.
මේනකා ඉදිරියේදී නර්තන පාඨමාලා පවත්වන්නටද නියමිත අතර ක්ෂෙත්‍රයේදී හමුවූ ඔවුන් ළඟදී නැවත විවාහ වන්නටද සූදානම් බවයි වාර්තා වන්නේ.
මෙයට පූර්ව සූදානමක් ලෙස පසුගිය දිනවල රූපවාහිනී කලා වැඩසටහන් වලට රනිල්
කැටුව මේනකා පැමිණ තම ‘ආදර සම්බන්ධය‘ හෙළි කර තිබුණ නමුත් බිඳ වැටුණ සබඳතා
ගැන කිසිවක් නොකියන්නට වග බලාගෙන තිබුණා.
මුලාශ්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...