අසහාය
ගායක එච්.ආර්. ජෝතිපාල වියෝවී මෙම 07 වැනිදාට (ඉරිදාට* අවුරුදු තිස්
දෙකකි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ගායක ජෝති නම් වූ චරිතයේ ජීවිත කතාව දෙස
බැලූවොත් තමන් ගායන ක්‍ෂේත‍්‍රයට පැමිණි මග ඉතා පුදුමයක් යැයි ඔහුටම
සිතෙන්නට ඇත.
කොළඔ නගරයේ සංගීත සංදර්ශනයක් තිබෙන්නේ කොතැනද තරුණ ජෝති එදා එහි ගොස් සිය කැමැත්තෙන්ම ගීයක් දෙකක් ගයා සතුටින් ගෙදර ගියේ ගීත ගැයීමට තිබූ ආසාව නිසාමය. ජෝතිගේ පදිංචිය තලංගම කොස්වත්ත වුවත් බොහෝ කලාකරුවන් සංගීත සාජ්ජ දමන මරදානේ අසපුව ජෝතිට ද ගෙදර වැනිය.
එවක රේඩියෝ සිලෝන් හෙවත් ගුවන් විදුලි සංස්ථාවේ සිටි රූපසිංහ මාස්ටර්, ජෝතිගේ ගායන හැකියාව හැ`දින ඔහු ගුවන් විදුලියට කැ`දවාගෙන ගියේය. ඒ ජෝතිගේ ආරම්භයයි.
‘සුගතලෝනා සම්බුද්ධ රාජා, නව මිණි රන් මුතු ඇත පිරිලා, කිරි ඉතිරේවා නව වසරේ, රන් තිලකා පොඩි සුමනා, පෙර දිනක එදා හමු වූයේ කොතැනකදෝ, අඬන්නෙ ඇයි සුදු මැණිකේ, ක`දුලැල් සලා දෙනෙත්, එපා එන්න කියලා, නුග රුකක් ලෙසින්, කොතැනක සිටියත් ඔබ මෙලොවේ, මල් හී ගෙන එයි මල් සරා’ වැනි ගී දහස් ගණනක් ඔහු ගැයුවේය. බුදු ගුණ ගී, සරල ගී, පුබුද්ධ ගී, විරහ ගී සහ පේ‍්‍රම ගී ඒ අතර ඇත...
ජෝතිගේ සිනමා ගමන ඇරඹුණේ ‘කුරුලූ බැද්ද’ චිත‍්‍රපටයෙනි. හැත්තෑව අසූව දශකය වන විට නිෂ්පාදනය වූ සෑම චිත‍්‍රපටයකම ජෝති ගී ගැයුවේය.
මොහොමඞ් සාලි, ෂෙල්ටන් පේ‍්‍රමරත්න, පී.එල්.ඒ. සෝමපාල, රොක්සාමි, සරත් දසනායක ජෝති ගැයූ ගී සංගීතවත් කළේය. කරුණාරත්න අබේසේකර, චිත‍්‍රානන්ද අබේසේකර, ඩෝල්ටන් අල්විස්, ඇලෝයි ගුණවර්ධන, පේ‍්‍රමකීර්ති ද අල්විස්, ලලිත් එස්. මෛත‍්‍රිපාල සහ මෙල්රෝයි ධර්මරත්න ජෝති ගැයූ ගී රචනා කළහ.
ජෝතිපාල සිය ජීවිත කාලයේ හරි හම්බ කළ දෙයක් නොමැත. ඔහු සතු වූයේ සිනමා ගායනයෙන් ලද සම්මාන සහ ජනතා සම්මාන පමණි. එවක ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස ජෝතිට මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා දුන්නේය.
අසූ හතේදී කතරගම පැවති ‘ගම් උදාව’ සංගීත ප‍්‍රසංගයට අතිවිශාල ජනතාවක් එක්වූහ. එම ප‍්‍රසංගයේ ජෝති ගී ගයන තුරු ජනපති පේ‍්‍රමදාස මහතා රැු`දී සිටියේය. ‘සිරියමේ සාරා’ ගයා පේ‍්‍රමදාස මහතාගෙන් සමුගත් ජෝති රසික අත්පොළසන් මැද වේදිකාවෙන් නික්ම ගියේය. ඒ ඔහුගේ අවසන් හෝරාව බව කිසිවෙකු නොසිතන්නට ඇත. ජෝති හදිසියේ රෝගී විය. ගුවන් මගින් කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන ආවේය. ඒත් ඔහු පසුදා ජීවිතය හැර ගියේය. ඒ 1987 ජූලි 07 දාය.
(Courtesy : Divaina)

No comments:
Post a Comment