11 July 2019

මුලතිව් ගුරුකන්ද විහාරයට පැනවු අධිකරණ තීන්දුව බල රහිත කරයි


මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින්  එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදි.

පසුගිය මැයි මස 06 වනදා මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් ලබා දුන් නියෝගය වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීතිරිති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසටත් යනුවෙනි.

පසුව අදාළ  නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුළ  ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේදී පෙත්සමක් ගොනුකරන ලදි.

ඒ අනුව වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කොට ඇති තත්ත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඔනෑම පාර්ශවයකට සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවටත්ය.

අනතුරුව නඩුව අගෝස්තු මස 26 වනදා දක්වා කල් දැමීමටද වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කොට සිටියේය.

අද දින මහාධිකරණයේ පැවති නඩු වාරය වෙනුවෙන් පළමු පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රෝහන තල්පාවිල මහතා සහ එතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, හරීන්ද්‍ර රාජපක්ෂ යන අයද දෙවන පාර්ශවයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටියහ.

(Courtesy : Ada)

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...