20 July 2019

පොලීසියේ 31500ට එකවර උසස්වීම්


දීර්ඝකාලයක් පුරා උසස්වීම් නොලැබූ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බල පැවැත්වෙන පරිදි උසස්විම් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරින් බඳවා ගැනීමට හා උසස්වීම් ලබාදීමට අදාලව විධිමත් කි‍්‍රයාපටිපාටියක් ස්ථාපිත කිරීමටත් සැලසුම් සකස් කරමින් පවතින බවද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර ඊයේ (19දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මෙම කරුණු පිළිබඳව සාකච්ඡාවකට ලක්ව තිබේ.

බඳවාගැනීම් හා උසස්වීම්වලට අදාළ මෙම නව ක්‍රියාපටිපාටියට මේ වන විට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙන අතර එය ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

(Courtesy : Ada)

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...