නෙත් එෆ් එම් රේඩියෝව ‘‘වී ලීඩ් ශ්රී ලංකා’’ සංකල්පය යටතේ ආරම්භ කළ ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ තවත් මෙහෙයුම් 02ක් අද (07) සිදු කෙරෙනවා. ඒ, කෑගල්ල පිංදෙණිය සහ යටියන්තොට යන ප‍්‍රදේශවලදීයි.
යූ ආර් අ ලීඩර් බලකායන්ගේ ද සහභාගීත්වයෙනුයි මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සංවිධාන කර තිබෙන්නේ.
පිරිසිදු කිරීම් දැනුවත් කිරීම් සමගින් පිංදෙණිය විද්‍යාචක‍්‍රවර්තී ජාතික පාසල, යටියන්තොට ආචාර්ය එන් එම් පෙරේරා ජාතික පාසල යන පාසල් මුල්කරගෙන මෙවර වී ලීඩ් ශ්රී ලංකා ක්‍රියාත්මක කෙරෙනවා.
කෑගල්ල පිංදෙණිය සහ යටියන්තොට යන ප‍්‍රදේශවල අද සිදු කෙරෙන මෙම ඩෙංගු මර්දන මෙහෙයුම්වලට අදාළ පළාත්පාලන ආයතන, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පොලිසිය ද එක් වනවා.
පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමත් තෝරාගත් ප‍්‍රදේශයන්හි ගෙයින් ගෙට යමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමට නිවැසියන් දිරිගැන්වීමත්, දැනුවත් කිරීමේ අත් පත‍්‍රිකා බෙදාදීමත් මෙහිදී දවස පුරාම සිදු කෙරෙනවා.
මේ අයුරින් ඩෙංගු මර්දනය සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කිරීමට ඔබටත් පුලුවන්. ඒ සඳහා සහය දැක්වීමට අප සූදානමින් සිටිනවා. 077 200 18 65 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.