නිවුන් සහෝදරියන් දෙදෙනෙක් විසින් කලක් තිස්සේ දරන ලද වෑයමක් වර්ෂ 1993 අගෝස්තු මස 23 දින සැබෑවක් බවට පත්විය. ඒ අනුව තරමක් වෙහෙසකර මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නිවුන් සංවිධානය නමින් නිවුන් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සංවිධානයක් බිහිවන අතර එය එතෙක් මෙතෙක් ඉතිහාසයට එකතු වන්නේ නිවුන් ප්‍රජාව මුල් කර ගනිමින් මෙරට බිහිවූ එකම සංවිධානය ලෙසටය.
නිවුන් සහෝදර සහෝදරියන් 25දෙනකුගේ සාමාජිකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ වත්මන් සාමාජික සංඛ්‍යාව 28000කට අධිකය. ලෝකයේ මුල් වරට නිවුන් නර්ථන කණ්ඩායමක් කරලියට පැමිණෙන්නේ ශ්‍රී ලංකා නිවුන් සංවිධානය හරහාය. එතැනින් නතර නොව නඑම සංවිධානය නිවුන් ක්‍රීඩා සමාජයක්, වාදක හා ගායන කණ්ඩාමක්, චිත්‍ර සංගමයක් තම සංවිධානය හරහා නිර්මාණය කිරීමට සමත්වී ඇත.
ඉහත සඳහන් සමත්කම් දැක්වීමට සමත්ව සිටින ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘවරියන් වන්නේ උපුලි සහ චමලිය. නර්ථනය, රංගනය පමණක් නොව වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රය හරහා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්ව සිටින උපුලි ගමගේ සහ චමලි ගමගේ තම ජනප්‍රියත්වය රටේ යහපත පිණිස යොදවනු ලබන්නේ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහිකරගත් ශ්‍රී ලංකා නිවුන් සංවිධානය හරහාය.
මේ වනවිට ඔවුන් තවත් දැවැන්ත හපන්කමක් සිදු කිරමට කටයුතු සංවිධානය කරමින් සිටින අතර ඒ සඳහා දෙස් විදෙස් නිවුන් ප්‍රජාව දසදහස් ගණනින් සහභාගිවීමට නියමිතය.
ඒ පිළිබඳවත් ශ්‍රී ලංකා නිවුන් සංවිධානය එතෙක් මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳවත් හෙළිදරව්වක් පිණිස ඉකුත් දිනෙක උපුලි, චමලි සමග සුහද පිළිසඳරක යෙදීමේ අවස්ථාවක් උදාවිය.
සුපුරුදු සැහැල්ලූව සහ සිනහවෙන් යුතුව අදින් වසර 26කට එපිට මතකයක් අවදි කළ උපුලි සහ චමලි එතැන් සිට තම සංවිධානයේ ආරම්භය එහි විකාශනය සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ තොරතුරු පවසන්නට විය.
අපි දන්න තරමට ‘‘විජය සහ කුවේනියගෙන්...ආරම්භවන අපේ වංශ කථාව ඇතුළේ නිවුන් ප්‍රජාව වෙනුවෙන් කුමන හෝ සංවිධානයක් එහෙමත් නැත්නම් ඔවුන් සඳහා මැදිහත් වන වෙනත් ආයතනයක් හෝ යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා තිබුණෙ නැහැ. නිවුන් සහෝදරියන් දෙදෙනෙක් විදිහට අපි දෙන්න ඒක තේරුම් අරන් තිබුණා. එතනදි අපි දෙන්නගෙ සමාජ පසුබිමත් එක්ක අපි විසින්ම තීරණය කරනව නිවුන් ප්‍රජාවගේ එකමුතුවක් තුළින් රටට අලූත් දෙයක් දෙන්න ඕන කියල. මොකද ඒ වෙද්දී රට තුළ අපි දෙන්නෘ යම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන හිටිය. ටෙලිනාට්‍ය, චිත්‍රපට වෙළෙඳ දැන්වීම් හරහා අපි දෙන්න නිතර නිතර මාධ්‍ය හරහා පෙනී සිටිය නිසා අපි ලබාගෙන තිබුණ ජනප්‍රියත්වය පාවිච්චි කරල කිසියම් අර්ථාන්විත දෙයක් කරන්න ඕන කියන පදනම මත තමයි ශ්‍රී ලංකා නිවුන් සංවිධානය ගොඩනැෙඟන්නෙ. මෙතනදී මෙරට මාධ්‍ය අපිට ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. ඔවුන් අපේ සංවිධානය ගැන රටට කිව්ව ලිව්ව.
කලාව තුළින් ජනප්‍රියත්වයට පත් උපුලි සහ චමලි එම ජනප්‍රියත්වය හරහා මෙරට සමස්ත නිවුන් ප්‍රජාවට යහපත උදාකරදීමේ අරමුණින් තම සංවිධානය මුල් වරට ආරම්භ කරනු ලබන්නේ ඔවුන්ගේ ජනම දිනය නිමිතිකොටගෙනය. ඒ සඳහා පළමුව තම මෑණියන් වන ඩොලී ගමගේ මහත්මියගෙන් නියත විවරණ ලබා ගන්නා උපුලි සහ චමලි ඉන් අනතුරුව සිය සංවිධානය ගොඩනැඟීම පිණිස සිදු කර ඇති කැපව කිරීම් ඉමහත්ය.
අපි මුලින්ම මේ බව අපේ අම්මට කිව්ව. මොකද අපි දෙන්න දන්නව නිවුන් දරුවන් බිහි කරන අම්ම කෙනෙක්. ඒ දරුවන්ව උස් මහත් කරන්න මොන තරම් කැප කිරීමක් කරවනද කියල. අම්මගෙ ආශිර්වාදය එක්ක අපි මේ සංවිධානය ක්‍රමයෙන් ගොඩනගන්න ගත්ත. ලංකාවෙ පළාත් නමයම නියෝජනය වන විදිහට සාමාජික සාමාජිකාවන් බඳවා ගත්ත. අපි දෙන්න බස් එකක යද්දි තවත් නිවුන්නු දෙන්නෙක් දැක්කොත් අපි ඒ අයට කතා කරල අපේ අරමුණ සහ ඉලක්ක ගැන පැහැදිලි කරල දුන්න. ඔය ආකාරයට ක්‍රමයෙන් විශාල වශයෙන් අපේ සංවිධානය වටා ඒ අය එක් රැස් වෙන්න ගත්ත. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආදි වශයෙන් සෑම ජාතියක්ම සෑම ආගමක්ම නියෝජනය වන පරිදි ඒ දෙය සිද්ධ වෙන්න ගත්ත. නිවුන් ප්‍රජාව තුළ ඒ අය උපතින්ම රැගෙන එන දක්ෂතාවන් සමූහයක් පවතිනව. ඈත දුෂ්කර පළාත්වල ඉදල තමන්ගෙ නිවුන් දරුවන් අපි ළගට අරන් ආව හුගක් අම්මල තාත්තල ඒ වෙනකම් තමන්ගෙ දරුවන්ගෙ දක්ෂතාවන් හරියාකාරව හඳුනාගෙන තිබුණෙ නැහැ. අපේ සංවිධානය හා එක්වුණාට පස්සෙ අපිට පුළුවන් වුණා ඒ දරුවන්ගෙ දක්ෂතාවන් ඉස්මතු කරල ගන්න. ඒ හරහා අපිට පුළුවන් වෙනව ලෝකයේ මුල් වරට නිවුන් නර්ථන කණ්ඩයමක් හදන්න. මුල් වරට නිවුන් ක්‍රීඩා සමාජයක් හදන්න අපට පුළුවන් වෙනව. ඔය ආකාරයට ආව ගමනක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අපේ සාමාජිකයන් පිරිස විසිඅටදහසක් දක්වා ඉහළ ගිහින් තිබෙනව.
මේ වනවිට ලොව වැඩිම නිවුන් ප්‍රජාවක් සහභාගිත්වයෙන් පැවැති සම්මේලනය උදෙසා ලෝක වාර්තාව හිමිකරගෙන සිටිනේනේ චීනය විසින්ය. ශ්‍රී ලංකා නිවුන් සංවිධානය එහි පසුවන්නේ දෙවන ස්ථානයේය. ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ නුදුරේ දිනක එම ලෝක වාර්තාව ශ්‍රී ලංකාව සතුකර ගැනීමත් ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තයට මෙන්ම නිවුන් ප්‍රජාවගේ අභිවෘද්ධිය පිණිස වන කරුණු කාරණා රැසක් සාර්ථක කර ගැනීමත්ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපුලි සහ චමලි සඳහන් කර සිටින්නේ එය සැබෑවක් බවට පත්කර ගැනීම පිණිස මේ වනවිට ද කටයුතු කරමින් සිටින බවය.
අපි මේ සංවිධානය ආරම්භ කළේ 1993 වර්ෂයේ. එදා ඉදන් මේ දක්වා තිබුණ කිසිම රජයක් මේ සංවිධානය කෙරෙහි අවධානයක් යොමු කළේ නැහැ. නමුත් අපි අපේ ගමන මේ දක්වා ඇවිත් තිබෙනව. 2001 වර්ෂයේදී අපි නිවුන්නු තුන්දහසකගේ සහභාගිත්වයෙන් අවුරුදු උත්සවයක් පැවැත්වුවා. 2002.02.22 වැනි දින ප.ව. 2.22ට නිවුන් සමරු කවරයක් නිකුත් කරනව. සාම පා ගමන් ගිහින් තිබෙනව. අද වෙද්දි අපේ සංවිධානය ඇතුළේ වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඉන්නව. අපට අවවාද අනුශාසනා දෙන්න නිවුන් ස්වාමීන් වහන්සේලා ඉන්නව. කුඩා නිවුන් දරුවන්ගේ ඉඳල වයස අවුරුදු අසූව, අනූව තරමේ නිවුන් සහෝදර සහෝදරියන් අපි එක්ක ඉන්නව. යමක් කමක් සහිත අය අපේ දුප්පත් සාමාජික සාමාජිකයන්ට නිරත්තරයෙන් උදව් උපකාර කරනව. 2003 වර්ෂයේදි අපේ සංවිධානයට පුළුවන්කම ලැබෙනව නිවුන් සහෝදර සහෝදරියන් විසිඅටදහසකට අධික පිරිසගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දැවැන්ත ප්‍රසංගයක් පවත්වන්න. ඒ සියලූ කාරණා දෙස බලල ඒ අත්දැකීම් ඇසුරෙන් මෙවර අපි තීරණයක් අරන් තිබෙනව ලෝකයේ වැඩිම නිවුන් ප්රජාවකගේ සහභාගිත්වයෙන් සමුළුවක් ලංකාවෙ පවත්වන්න. එක ගිනස් වාර්තාවක් තබන්න පුළුවන් දෙයක්. ඒ සඳහා ගිනස් වාර්තා කමිටුවෙන් සාමාජිකයන් පිරිසක් සහභාගි වෙනව. මේ වෙද්දි රටවල් 22කින් ඒ සඳහා සහභාගි වෙන්න කැමැත්ත පළ කරල තිබෙනව.
මෙරට තුළ එම සිරිමත් සමුළුව පැවැත්වීමට නියමිතව පවතින්නේ ලබන ඔක්තෝබර් මස 26වැනි දිනටය. ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ අපේක්ෂාව බවට පත් වන්නේ ඒ හරහා ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක අවධානය යොමු කරවීමය. මෙරට සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය පිණිසත් නිවුන් ප්‍රජාවට යහපත උදාකිරීම පිණිසත් සංවිධානය වෙමින් පවතින එම වැඩමුළුව සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ අනිකුත් අපේක්ෂාවන් පිළිබඳව අදහස් දැක්වූ උපුලී සහ චමලී...
"මේ සමුළුව සාර්ථක කර ගැනීමෙන් අනතුරුව අපේ බලාපොරොත්තුවක් තිබෙන එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ලෝක නිවුන් දිනයක් ප්‍රකාශයට පත් කරන්න කියන ඉල්ලීම ඉල්ලන්න. ඒ සඳහා යෝජනාව රජය හරහා සිද්ධ කරන්න වෙනව. එතනදි රජයේ සහයෝගය ශ්‍රී ලංකා නිවුන් සංවිධානයට අවශ්‍ය වෙනව. අපේ රට ගත්තොත් නිවුන් ප්‍රජාව සහ ඒ අයගේ පවුල්වල සමාජිකයන් පිරිස ලක්ෂ ගාණක් වෙනව. අපි රජයෙන් ඉල්ලා සිටිනව මේ කටයුත්තට යම් මැදිහත්වීමක් කරන්න කියල.
අපට දේශපාලනයක් නැහැ. නමුත් අප වටා ලොකු පිරිසක් ඉන්නව. මේ වෙද්දි අපේ රට තුළ නිවුන් කේන්ද්‍රස්ථානයක් ඉදිකරන්න සැලසුමක් අපේ සංවිධානය තුළ තිබෙනව. මේව ගැන ඒ ඒ කාලවල තිබුණ රජයන් දැනුවත් කළත් තවමත් කාගෙවත් අවධානයක් යොමුවෙලා නැහැ කියල කනගාටුවෙන් වුනත් මේ වෙලාවේ මතක් කර සිටිනව.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය සැපයීම තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්ව සිටින උපුලි, චමලි සුසංයෝගය අවසන් වශයෙන් ඉහත සඳහන් අදහස් දක්වමින් සිය කතා බහ නිමාවට පත් කළහ. කලා ක්ෂේත්රයේ දීර්ඝ ගමනක් පැමිණීම පිණිස සිය ස්වාමිපුරුෂයන් දෙදෙනා මෙන්ම මෙරට මාධ්‍ය විසින් ද මහත් මෙහෙවරක් සිදු කළ බව පවසන්නට චමලි සහ උපුලි අමතක නොකළේය. මේ වන විට ඔවුන් දෙදෙනාගේ ඒකායන අරමුණ බවට පත්ව ඇත්තේ උපතින් රැගෙන ආ රුවත් ඒ හරහා ගොඩනඟා ගත් ජනප්‍රියත්වයත් රටේ යහපත පිණිස යොදා ගැනීමය. ඒ සඳහා තව තවත් ශක්තිය ඔවුන් වෙත ලබාදීම තුළ රටට අත්වන ප්රතිලාභ ඉමහත්ය.
(Courtesy : Divaina)

No comments:
Post a Comment