වර්ථමානයේ තරුණ තරුණියන් අතරින් අලුත් අලුත් විලාසිතා කරන්න හුඟ දෙනෙක් යොමුවෙනවා.
ඒ අතර ඇඟේ ටැටූ කෙටීම සහ මුදු පැළඳීම විශේෂ තැනක් ගන්නවා. අපි මේ කියන්න යන්නේ අපේ රටේ ප්රසිද්ද ගායිකාවක්ගේ සුරූපී දියණියක් කරපු විලාසිතාවක් ගැනයි.
මේ විලාසිතාව පිටුපස කතාවකුත් තියෙනවා. හැබැයි හුඟ දෙනෙක් මේ විලාසිතාවනම් කරන්න පෙළෙඹෙන්නේ නැහැ. මේක ඒ තරම් වේදනාකාරීයි.
කෙසේ වෙතත් අපි මේ කියන්න යන්නේ කේ සුජීවා ගායන ශිල්පිනියගේ වැඩිමහල් දියණිය ගායනයට, වාදනයට, රංගනයට දක්ෂ අංජලී කළ එවැනි වැඩක් ගැනයි.
ඇය ඊයේ දෙහිවල පිහිටි ටැටූ ආයතනයකින් ඇගේ නාසයේ මුදුවක් සවිකරගත්තා මෙය piercing ලෙසද හඳුන්වනවා.
කෙසේ වෙතත් මේ ගැන ඇය පවසන්නේ මේ සඳහා ඇයව පෙළඹුවේ ඇගේ මව සහ මිතුරියක් බවයි.
තවද ඉන්දියාවේ ජනප්රිය නිළියක් සහ නිරූපිකාවක් වන ආරුෂි දත්තා (Aarushi Dutta) අනුකරණය කරමින් මෙය පැළඳීමට ඇය පසුගිය වසරේ සිට කැමැත්තෙන් සිටි බවයි.
(Courtesy : Rategossip)
No comments:
Post a Comment