22 September 2017

ෆෝන් එකත් ඕෆ් කරලා දාලා පවුලේ අයත් එක්ක එකතු වෙලා රට වටේ රවුමක් ගියා - සෙනාලි (Sonali)

මාස හයක් විතර එක දිගටම මම රූගතකිරීම් සඳහා සහභාගී වුණා. එංගලන්තයේ ඉඳලා ආව දවසේ ඉඳලාම ඒ විදියට කාර්යබහුල වෙලා හිටපු නිසා පොඩි විවේකයක් ගන්න ඕනෑ වුණා. ඒ නිසා ෆෝන් එකත් ඕෆ් කරලා දාලා පවුලේ අයත් එක්ක එකතු වෙලා රට වටේ රවුමක් ගියා” මෙහෙම කියන්නේ, මේ දිනවල විකාශය කෙරෙන ගැමුණු මහරජ රන්මැණිකා චරිතය සහ හාරකෝටියෙ දිලි ලෙස හමුවන සෙනාලි ෆොන්සේකාය.
 
සෙනාලි ෆෝන් එක ඕෆ් කරලා දාලා හිටි හැටියේම මේ විදියට කොහේද ගියේ?

ලංකාව වටේම වගේ ගියා. කුරුණෑගල, කැකිරාව, නුවර, රිවස්ටන්, ඒ වගේ පළාත් කීපයකම සංචාරය කළා. වැඳ පුදා ගන්න අනුරාධපුරයෙත් ගියා.

ඇයි සෙනාලි මේ විදියට රට වටේ රවුමක් යන්න හිතුවේ?
මට ඇත්තටම විවේකයක් ඕනෑම වුණා. අම්මයි, මායි ඇඳුම් ටිකත් දාගෙන දින දෙක තුනක ටි‍්‍රප් එකකට පිටත් වුණේ. අන්තිමට නැදෑයෝ ඔක්කොම වගේ එකතු කරගෙන. ඒක දිග ටි‍්‍රප් එකක් වුණා. අනෙක ඒක සම්ප‍්‍රදායික ටි‍්‍රප් එකක් වුණෙත් නැහැ. කෝච්චියෙන්, බස් එකෙන්, කාර් එකෙන් මේ විදිහට ගමන ටිකෙන් ටික වෙනස් වුණා. හරියට වන්දනා නඩයක් වගේ. පවුලේ අය වගේ අපේ යාළුවෝ කීප දෙනෙකුත් මේ ගමනට එක්වුණා. ඒ ගමන ඇත්තටම හරිම සුන්දර ගමනක්.

මඟතොටේදී රසිකයන් මුණගැහෙන්නත් ඇති නේද?
වැඳ පුදාගන්න තියෙන සිද්ධස්ථානවලට යද්දි හඳුනාගන්න බැරි විදිහට යන්න උත්සාහ කළා. ඒත් බොහෝ දෙනෙක් මාව හඳුනාගත්තා. ඒක ඇත්තටම ලොකු සතුටක්. එයාලා හාරකෝටිය ගැනත්, ගැමුණු මහරජ ගැනත් කතා කළා. පොඩි ළමුන් සිරිපැරකුම් චිත‍්‍රපටයේ චරිතය ගැනත් කතා කළා.

මේ සංචාරයේදී වෙච්ච සිදුවීම් එහෙම මොනවා ද?
අමතක නොවන බොහෝ දේ සිදුවුණා. රුවන්වැලි මහාසෑ රදුන් වැඳ පුදාගෙන, ඒ අවට කලාපය පිරිසිදු කිරීමේ පිංකමට දායකවුණා. පරවුණු මල් අරන් දාලා, කුණු රොඩු අරන් දාලා, ඒ අවට භූමිය අතුගාලා ඉවරවුණාම ඇති වෙච්ච සතුට නිම කරන්න බැහැ. මගේ යාළුවොත්, තවත් නොදන්නා අයත් මේ කටයුත්තට දායකවුණා.

මේ සංචාරයට විශේෂ අමුත්තෙකුත් එක්වුණා කියලා ආරංචියි?
අනේ නැහැ. ඔක්කොමලා නෑදෑයින් සහ මගේ යාළුවෝ විතරයි.

බඩඉරිඟුවලට හරි කැමැතිලූ නේද?
එංගලන්තයේ කාලය ගෙවද්දී මම ඕනෑම දෙයක් කාලා ඒ තැනට සුදුසු විදියට ජීවත්වෙන්න පුරුදුවුණා. ඉතින් මේ විදියට සංචාර යද්දී අසුවෙන තැනකින් ප්ලේන්ටී එකක් බීලා, ආප්පයක් කාලා, ඒ මොහොතට බඩගින්න නිවාගන්න පුළුවනි. ඒ විදියට මම හරි කැමතියි. කොහොමටත් බඩ ඉරිඟුවලට මම හරිම කැමතියි. කොහේ ගියත් නොවරැුදවාම බඩ ඉරිඟු කෑමේ පුරුද්දක් මට තියෙන්නේ. ලොකු ලොකු තැන්වලින් කෑම කන්න ඕනෑය කියන මානසිකත්කවයක් මට නැහැ. බඩගිනි දැණුනාම මොනවා හරි දෙයක් කෑවා. ඒ සරල බවට මම හරි ආසයි.

ෆෝන් එක ඕෆ් කරගෙන හිටියාම ඇතිවෙච්ච හැඟීම මොන වගේද?
ඒක ඇත්තටම හරිම සැහැල්ලූවක්. නමුත් පවතින ක‍්‍රමයත් එක්ක ෆෝන් එක නැතිවම බැහැ. ඒත් සතියක් ෆෝන් එක ඕෆ් කරගෙන හිටියෙ ඕනෑකමින්මයි. ඒ නිසා ලැබුණු නිදහස අපමණයි. මම වගේම නෑදෑයිනුත්, මගේ යාළුවොත් ෆෝන් පාවිච්චි කළේ නැති තරම්. අපි ආගිය තොරතුරු කතා කරමින්, සිදුවීම්, මතකයන් යළි සිහිපත් කරමින් ගෙවූ ඒ කාලය ඇත්තටම හරිම සුන්දරයි. හැබැයි සතියකට විතර පස්සේ ෆෝන් එක යළිත් පාවිච්චි කරන්න ගත්තාම තමයි පුදුම වුණේ.





ඇයි ඒ.
ඇවිල්ලා තිබුණු ඇමතුම් සංඛ්‍යාව දැක්කාම තමයි පුදුම වුණේ. දවසකට කොච්චර නම් ඇමතුම් එනවද සහ ගන්නවද කියන දේ මැන ගන්නත් ඒ නිසා පුවන්වුණා.

සෙනාලි එංගලන්තයට ගියේ මොන අංශයෙන් ඉගෙන ගන්නද?
ජීව විද්‍යාව අංශයෙන් තමයි උපාධියට පෙනී සිටියේ. ලබන මාසයේදී උපාධි ප‍්‍රදානෝත්ය පැවැත්වෙනවා. ඉන්පසුවත් පශ්චාත් උපාධිය දක්වා උසස් අධ්‍යාපන කරන්න මම ආසයි.

ඉන්පසුව ඔබ ලංකාව දාලා යාවි නේද?
කොහොමටවත් එහෙම වෙන්නෙ නැහැ. එංගලන්තයට මම ගියේ උසස් අධ්‍යාපනයටයි. නමුත් මගේ රටට සේවය කිරීම තමයි මගේ එකම අරමුණ. ”ඔක්කොමලා රට දාලා යද්දී මේ ළමයාට පිස්සු” කියලත් අම්මා කියනවා. ඒ වුණාට ඇත්තටම මට මගේ රට ගැන දැනෙනවා වැඩියි. මේ රටේ මිනිස්සු ළඟ තියෙන ආදරය, හිතවත්කම්, ලෙංගතුකම් වෙන කොහේවත් නැහැ. අනෙක මගේ යාළුවෝ ඔක්කොම ඉන්නෙත් මේ රටේ. ඉතින් මං කොහොමද මගේ ආදරණීය රට දාලා යන්නේ? පුංචි කාලයේදී ගුවන්යානය ඉහළට යද්දී මම රට දාලා යන්න තියෙන දුකට ඇඬුවා. අදටත් එහෙමයි.

දැන් මේ උපාධියෙන් පසුව ඔබගෙ අරමුණ මොකක්ද?
කලාවෙන් මට ඈත්වෙන්න බැහැ. තවත් චිත‍්‍රපට දෙකකම රඟපෑම් බාරගෙන තියෙන්නේ. නමුත් ජීව විද්‍යා අංශයේ විද්‍යාඥවරියක ලෙස සරසවි කථිකාචාර්යවරියක ලෙස බොහෝ විට අනාගතයේදී කටයුතු කරාවි. ඒත් නැතිනම් විවිධ පර්යේෂණ සිදුකෙරෙන විද්‍යාගාරයක සේවය කරාවි. ජනතාවගේ යහපත උදෙසා බොහෝ අලූත් දේ සොයාගන්න මම කැමැතියි.
 

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...