කලා ශිල්පිණි මේනකා මධුවන්ති පිළිබඳ මේ දිනවල බොහෝ දෙනා කතා වෙනවා.
පසුගිය දිනයක ඈ ඇගේ උපන්දිනය විශේෂ හැකියාවන් ඇති දරු පිරිසක් සමග සමරන්නට කටයුතු කර තිබුණ අතර එම අවස්ථාවේ ඡායාරූප පෙලක් වෙබ් අඩවි වල හා සමාජ ජාල මාධ්‍යන්හි හුවමාරු වුණා.
කෙසේ වෙතත් ඊයේ දිනයේද ඇය පිළිබඳව පුවතක් වාර්තා වූ අතර මාර්ග නීති කඩකළ වරදක් සම්න්ධයෙන් අධිකරයෙන් ඇයට දඩයක් පමුණුවා තිබුණා.
මීට හේතුව වී තිබුණේ දක්ෂිණ අධිවේගි මාර්ගයේදී මොටර් රථයේ සුක්කානම අත්හැර නටමින් කළ වීඩියෝවක් ඇගේ ෆේස්බුක් ගිණුම හරහා පළකිරීමයි.පසුව කිසියම් අයෙකු විසින් මේ පිළිබඳ ‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ අවධානයට පමුණුවා තිබුණා.
ඊයේ එම ප්‍රවෘත්තිය අන්තර්ජාලයේ ඇතුළු සමාජ වෙබ්අඩවි වල පළවී තිබූ අතර එහිදී ඇගේ වීඩියෝව හාස්‍ය්‍යට මෙන්ම විවිධ මඩ ප්රහාරයන්ටද ලක්වී තිබුණා.
කෙසේ වෙතත් මීට පැය කිහිපයකට පෙර ඇගේ ෆේස්බුක් ගිණුමේ මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රකාශයක් හුවමාරු කොට ගෙන තිබුණා.
එහි සටහන්වී තිබුණේ ‘ ඔවුන් ඔබට අවමන් කරාවී, සිනාසේවි,ඔබට විරුද්දව සටන් කරාවි, අවසානයේ ඔබ ජය ගනිවී.... යනුවෙනි.