දිගින් වැඩි පාදයන් සහිත කාන්තාවන්
මෙවැනි කාන්තාවන් ඇවිදීමට ඉතාමත් දක්ෂයි. අනුන්ගේ ඕපදූප කතාකරමින් තැනින් තැන ඇවිදීමට වැඩි කැමැත්තක් දක්වයි.
පාදයේ සුළඟිල්ල පොළොවේ නොවදින ලෙස පාද හිමි කාන්තාවන්
මෙවැනි
කාන්තාවන්ගේ ජීවිතය තරමක් අසුභ ලෙසින් ගෙවී යයි. බොහෝවිට සෙල්ලක්කාර
ජීවිතයක් ගෙවයි. ලාබාල වියේදීම හිතුවක්කාර විවාහයක් කරගැනීමට පෙළඹීමට
හැකිය. තම සැමියා අකාළයේ වූවද මියගිය හැකිය. කතාවට ඉතාමත් දක්ෂවේ.
පාදයේ මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා දිගින් යුතුව පිහිටා ඇති කාන්තාව
මෙවැනි
කාන්තාවන් ඇවිදීමට ඉතාමත් කැමැත්තක් දක්වයි. ජීවිතය ගැන ගැඹුරින් සිතීමට
කෙදිනකවත් පෙලඹෙන්නේ නැත. කුඩා වියේදීම තම චරිතයට කැළැලක් එක්කර ගැනීමට
හැකිය. තමන් උත්සහවන ආකාරයට ප්‍රතිපල නොලැබේ.
වඩා දිගත් නැති කොටත් නැති ඇඟිලි පිහිටා ඇති පාදයන් සහිත කාන්තාව
මෙවැනි
පාද සහිත කාන්තාවන් ඉතාමත් වාසනාවන්ත වන අතරම වාසනාවන්ත විවාහයකට උරුමකම්
කියයි. තම ස්වාමියට බොහෝසේ ලැදිවනවා මෙන්ම පින්වත් දරුවන් ලබයි. මෙවැන්නන්
බොහෝලෙස දියුණුවන අයවේ.
ඇවිදින විට දූවිලි පිසදාගෙන අයුරින් පාදය තබන කාන්තාවන්
විශ්වාස කිරිමට අපහසුය. විවාහ වූ පුරුෂයාට සැබෑ ලෙස ආදරය නොකරයි. වෙනත්
පුරුෂයන් සොයායන ගති ස්වභාවයක් පෙන්වයි. මෙවැනි කාන්තාවන් සමඟ විවාහවන
පුරුෂයන්ගේ ජීවිතද අසාර්ථකවේ.
සුළැගිල්ල ළගට පිහිටි ඇඟිල්ල ඉහළට එසවීම හෝ එම ඇඟිල්ල ඊළඟ ඇඟිල්ල මතට නැමී තිබීමද සැමියාට අසුභ ලකුණක් වේ. අකාලයේ සැමියාගේ මරණය සිදු වේ. දුකෙන් කළකිරීමෙන් කාලය ගෙවේ.
රෝම වලින් පිරි කෙණ්ඩා හිමි කාන්තාව අතිශයින්ම රාගධිකයි. මොවුන්ට එක් පුරුෂයෙක් සමඟ ජීවත් වීමට අපහසුයි.. ඉඩ ලද සෑමවිටම වරදෙහි බැඳෙයි.
ඇවිදින විට කකුලේ ඇඟිලි ඇට කැඩෙන ශබ්දයක් නගා ඇවිදින කාන්තාව සදාකාලිකව දුක්බර ජීවිතයක් ගත කරයි. විවාහ දෙකකට හිමිකම් කියයි. සැමියා කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙයි.
