ට්‍රම්ප් පාලනය විසින් නවතම නීති කිහිපයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව පසුගිය වසර පහක කාලයක් තිස්සේ භාවිත කළ සමාජ මාධ්‍ය නාමයන් හෙළි කිරීමට ඇමෙරිකානු වීසා අපේක්ෂා කරන විදේශිකයන්ට සිදුව තිබේ.
නව නීති අනුව වීසා අපෙක්ෂිතයන් පසුගිය වසර පහක කාලයකදී භාවිත කළ සමාජ
මාධ්‍ය පිළිබඳ විස්තර, විද්‍යුත් තැපැල් ලිපිනයන්, දුරකතන අංක පිළිබඳ
විස්තර මෙන්ම අවසන් වසර 15දී ඔහුගේ ලිපිනයන්, රැකියාව, ගමන් ඉතිහාසය වැනි
ජීව දත්ත තොරතුරුද ලබාදිය යුතු වෙයි.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන තිබේ.