අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩු දෙකකට අදාළව නඩු
භාණ්ඩ ලෙස පැවති, ශෂි විරවංස මහත්මිය විසින් කූඨ ලේඛන ඉදිරිපත් කර සකස්
කරගත් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පත අස්ථාන ගත වී
ඇතැයි මීට පෙර පැවති නඩු වාරයේදී ප්‍රකාශ වුවද එය නඩු භාණ්ඩ බාරකරු භාරයේ
ඇතැයි අද (31) අධිකරණයේදී හෙළි වී තිබේ.
අද පැවති නඩු වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාගේ බිරිඳ
වන ශෂි විරවංසට පවරා ඇති නඩුදෙකේ චෝදනා පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේදී කියවා බාරදී ඇත.
සැකකාරිය විසින් තමන් එම චෝදනාවන්ට නිවරදි කාරිය යැයි පැවසීම නිසා
සාක්ෂි විමසීම ආරම්භ කර ඇති අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ
දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ඉන්දික කුමාරද සේරම් අද සාක්ෂි ලබාදී
තිබේ.
අධිකරණ බාරයට පමුණුවා තිබියදී අතුරුදහන් යැයි පසුගිය නඩු දිනයේදී කරුණු
දැක්වුණු සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත මෙලෙස අධිකරණ
නඩුභාණ්ඩ අතර පවත්නා බව අනාවරණය වූ බැවින් වගකීම් විරහිත ලෙස කටයුතු
නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තරයේ
අවවාද කර ඇත.
නැවත මෙම නඩුව ලබන 22 කැඳවීමට නියමිත ය.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
