ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යොදවන බව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි.
ඉදිරි වසරක කාලය ඇතුළත මෙම කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නියමිතය.
ෆේස්බුක් ජාලයේ පළකෙරෙන වෛරී ප්‍රකාශන, ළමා අපචාර සහ ස්වයං හානිකර දර්ශන මෙම මෙහෙයුම් කණ්ඩායම විසින් අධීක්‍ෂණයට ලක් කරනු ලැබේ.
ෆේස්බුක් ජාලයේ කළමනාකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ මිනීමැරුම් සහ සිය දිවි හානිකර ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දා සජීවීව විකාශනයවීමෙන් අනතුරුවය.සිදුවීම් දෙකක් අප්‍රේල් මාසය තුළ පමණක් මෙවැනි සිදුවීම් දෙකක් වාර්තා විය.
ඉන් එක් සිදුවීමක් වන්නේ, තායි ජාතිකයෙකු සිය බිලිඳු දියණිය මරණයට පත්කරමින් තමන් ද දිවි හානිකරගන්නා ආකාරය සජීවීව විකාශනය කිරීමයි. අනෙක් සිදුවීම පුද්ගල ඝාතනයකි.
නව අධීක්ෂණ සැලැස්ම දියත්කරන ආකාරය පැහැදිලි කරමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබේ.
නීතියට පටහැනි මෙන්ම වෙනත් පුද්ගලයන්ට හානිකර පුවත් පළකරනු ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා නිරන්තරයෙන් විවේචනයට ලක්වෙමින් පවතී.
ෆේස්බුක් මාධ්‍ය ජාලයේ පළවන හානිකර දෑ අධීක්ෂණය සඳහා පත්කරන ලද 4500ක කාර්ය මණ්ඩලයක් දැනටමත් සේවයෙහි යොදවා ඇත.
මූලාශ්‍ර - බීබීසී
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...