යොවුන් වියේ සිටම නර්තනයට දස්කම් පාන මෙම සොඳුරු රුවැත්තිය
නිරූපණයට එක්වී සිටින්නීය. නර්තන කණ්ඩායම් කිහිපයක කටයුතුකර ඇති ඇය
අත්දැකීම් බහුල නර්තන ශිල්පිනියකි. අංජලී විනෝද්‍යා වන ඇය ‘සාරවිට’ සමගින්
මෙලෙස පිළිසඳරක නිරත වූවාය.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
මම අංජලී විනෝද්‍යා. වයස අවුරුදු 20යි. පුංචි කාලයේ ඉඳන්ම නර්තන කටයුතු
කරනවා. ගොඩක් ආසාවෙන් තමයි ඒ නර්තන කටයුතු කරන්නේ. ඒ නිසාමයි නිරූපණ
ක්ෂේත්‍රයටත් ආවේ.
නිරූපණයට එකතු වුණේ කුමන කාලයේදීද?
මම පළමුවැනියෙන්ම වැඩකටයුත්තකට දායක වුනේ 10 වසරේදී. ඒ දවස්වල එහෙම ලොකු
තේරුමක් තිබුණේ නෑ. ආසාවට කළේ. ගිය වසරේ තමයි දැනුම් තේරුම් ඇතිව වැඩක්
කරන්න පටන් ගත්තේ.
නර්තනය කරන්නේ විනෝදාංශයක් ලෙසද?
මම පුංචිකාලේ ඉඳන්ම නර්තන කටයුතු කළා. මම ඒ පිළිබඳව ගොඩක් දුරට හදාරලා
තියෙනවා. මම නර්තන කණ්ඩායම් දෙක තුනකම වැඩකටයුතු කරනවා. මගේ අදහස තියෙන්නේ
මගේම කියලා කණ්ඩායමක් පටන්ගන්න.
අධ්‍යාපන කටයුතුත් එක්ක මේ දේවල් කරන්න කාලය වෙන්කරගන්නේ කොහොමද?
අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්. නර්තනයට
නිරූපණයට වඩා වැඩිපුරම කාලය වෙන්කරන්නේ අධ්‍යාපනයට. එහෙමයි කියලා මම නර්තනය
හෝ නිරූපණය අතාරින්නෙත් නෑ. ඒ දේවල්වලින් ක්ෂේත්‍රයේ යම් තැනක් හදාගන්න මම
ආසයි.
අධ්‍යාපන කටයුතු ගැනත් කියමු නේද?
දේශපාලන විද්‍යාව පැත්තෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. Law Dirge එකක් කරන්න තමයි දැනට බලාපොරොත්තුව තියෙන්නේ.
අනාගතයේ වෘත්තීය කුමක් වෙයිද?
මම අධ්‍යාපන කටයුතු, නර්තනය, නිරූපණය මේ හැමදේම කරනවානේ. ඒකෙන් මට වැඩිපුරම දැනෙන දේ මම තෝරාගන්නවා.
පවුලේ අයගෙන් ඒ සඳහා නිදහස ලැබිලා තියෙනවාද?
මට පුංචි කාලෙ ඉඳන් ගෙදරින් එහෙම විශේෂයෙන් යොමු කරවන්නේ නෑ. එයාලා
හැමවෙලේම කියන්නෙ, අපි දක්ෂ දේට යොමුවෙන්න කියලා. මට හැමදේටම තෝරාගෙන කරන්න
නිදහස දීලා තියෙනවා. එයාලා මට හැමදේටම උදවු කරනවා. එයාලා හරිම කැමතියි මම
මගේ දක්ෂතාවයෙන් ඉදිරියට ගිහින් තැනක් හදාගන්නවාට.
නිරූපණ ක්ෂේත්‍රය අද කාලයේ තරුණියක්ට හොඳයිද?
මම විශ්වාස කරනවා විශේෂයෙන්ම හොඳයි කියලා. මොඩ්ල් කෙනෙක් හෝ ඇක්ට්‍රස්
කෙනෙක් වෙන්න ඕනෙම Girl කෙනෙක් ආසයි. ඒක Girl කෙනෙක්ගෙ හීනයක්. හැබැයි මම
දකින විදියට ඕනෙම දේක හොඳ සහ නරක පැත්තක් තියෙනවා. දෙයක් කරන කොට අපි
හරිනම් ඒකට කිසිම විදියකින් බයවෙන්න දෙයක් නැහැ. අපි හරි දේ තෝරගෙන හරි
විදියට කළොත් ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. මම හිතනවා
ඔනෙම Girl කෙනෙක්ට මේ ක්ෂේත්‍රය සුදුසුයි කියලා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ සඳහා රූගත කිරීම්
ආරම්භ කරනවා. මගේ ආසාව තියෙන්නේ ලංකාවේ TOP LEVEL එකේ රංගන ශිල්පිනියක් සහ
නිරූපණ ශිල්පිනියක් වෙන්න.
වැඩිපුරම කැමති සිනමාවටද? ටෙලිනාට්‍යයටද?
මම ඒ දෙකටම කැමතියි. ටෙලි නාට්‍යවලට වඩා සිනමාවට එන්න කැමතියි. ටෙලි
නාට්‍යවලට එන නිළියන්ගේ රඳා පැවැත්ම බොහොම ටික කාලයයි. එකම කෙනා නිතරම
දැකපුවාම එපා වෙනවා. චිත්‍රපටයක් කියන්නේ කලාතුරකින් එන දෙයක්. හැම
චිත්‍රපටයටම එකම නිළියව තෝරාගන්නේ නැහැ. කලාතුරකින් රඟපාන්න ආවාම මිනිස්සු
බලාපොරොත්තු වෙනවා මෙයාව ආයේ දකින්න. මම ආසයි මිනිස්සු මම වෙනුවෙන්
බලාපොරොත්තුවක් ඇති කරගන්නවට.
මතක් කළ යුතු උදවු කළ පිරිසක් ඉන්නවාද?
මගේ අම්මා, තාත්තා,අක්කලා ඇතුළු පවුලේ සැම ආදරයෙන් මතක් කළ යුතුයි.
මුලින්ම මට ළහිරු හපුආරච්චි කියලා Director කෙනෙක් තමයි ෆීල්ඩ් එකට එන්න
උදවු කළේ. නිරූපණ ක්ෂේත්‍රයට එන්න ගොඩක් අය උදවු කළා. නමුත් මගේ උත්සාහයෙන්
තනියම ගමනක් මේක.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...