07 June 2017
දඹගහඋල්පත කසළ ගොඩක සුනඛ හිස් 2000ක්
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් දඹගහඋල්පත ප්‍රදේශයට කුණු කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් ඒ අවට ගම්මාන කිහිපයක පදිංචිකරුවෝ මාදුරුඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල විජයබාපුර ප්‍රදේශයෙන් අවහිර කරමින් ඊයේ (05දා) උද්ඝෝෂණයක නිරත වූහ.
ප්‍රාදේශීය සභාව මගින් බැහැර කරන අපද්‍රව්‍ය හා කුණු කසළ නිසා ජලය අපවිත්‍රවී දැඩි දුර්ගන්ධයක් හමා ඒම, වන අලි තර්ජන වැඩිවීම ඇතුළු පාරිසරික බලපෑම් රැසක් එල්ලවීමෙන් දිමුතුගම, බමුණුකොටුව හා රත්මල්තැත්න යන ගම්මානවල පවුල් 850ක සාමාජිකයෝ 4000කට වැඩි පිරිසක් පීඩාවිඳින බව උද්ඝෝෂකයෝ එහිදී පවසා සිටියහ.
දඹගහඋල්පත ප්‍රදේශයේ මියගිය සුනඛයන්ගේ හිස්කබල් 2000ක් පමණ තිබෙන අතර ඒවාද ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් වලින් ගෙනවිත් බැහැර කිරීමෙන් මස් කඩවල බලු මස් අලෙවි කරන්නේදැයි සැකයක්ද මතුවී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
උද්ඝෝෂකයින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම පාරිසරික ගැටලුව පිළිබඳව වසර කිහිපයකට පෙර බලධාරීන් දැනුවත් කළද ඊට විසඳුමක් නොමැති නිසා ඊයේ (05දාට) යෙදුණු පරිසර දිනය මුල්කරගෙන හෝ මෙම ගැටලුව ස්ථිර පිළියම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
අනතුරුව උද්ඝෝෂණය පැවති ස්ථානයට අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් පී. එම්.පොඩිමැණිකේ මහත්මියද පැමිණියහ.
එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මෙම ගැටලුවට ඉතා ඉක්මනින් පියවරක් ගන්නා බව පොරොන්දුවීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.
මේ පිළිබඳව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ හා ජනාධිපති පුද්ගලික ලේකම් මහින්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ එම පාරිසරික ගැටලුවට විසඳුමක් ලෙස කුණු බැහැර කිරීමට මහවැලි අධිකාරියෙන් සභාවට විකල්ප ඉඩමක් වෙන්කර ස්ථිර විසඳුමක් ලබාදෙන බවයි.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...