17 May 2017
'ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව'ඉන්දීය තරුණයකුගෙන්
දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය.
එය ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව විය හැකි බව විශ්වාස කෙරේ.
රිෆාත් ශාරුක් විසින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 64 ක් බරින් යුතු මෙම උපාංගය තරුණ නිර්මාණ ශිල්පීන් අතර තරගයකින් පළමු ස්ථානයට තෝරා ගැනිණි.
සිය ප්‍රධාන අරමුණ 3-D තාක්ෂණයෙන් මුද්‍රිත කාබන් වස්තුවක් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ප්‍රදර්ශනය කිරීම වනබව රිෆාත් ශාරුක් පවසයි.
තම නිර්මාණය පෘථිවියේ උප කක්ෂයක පැය හතරක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ ගත කෙරෙනු ඇතැයි බව රිෆාත් ශාරුක් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ අබ්දුල් කලාම්ට ගෞරවයක් වශයෙන් චන්ද්‍රිකාව 'අබ්දුල්සැට්' ලෙස නම් කර ඇත.
කෝඩුකාර විද්‍යාඥයෙකු වන රිෆාත් තමිල්නාඩුවේ කුඩා ගම්මානයකින් පැමිණි අයෙකි.
පළමු නිර්මාණය නොවේ
මේ වන විට ඔහු තමිල්නාඩුව මූලස්ථානය කර ගත් 'Space Kidz India' ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයා වශයෙන් කටයුතු කරයි.
'Space Kidz India' දරුවන් සහ නව යෞවනයන් අතර විද්‍යාව සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලබන ආයතනයකි.
මෙය රිෆාත්ගේ පළමු නිර්මාණය නොවේ.
පහළොස් වියේ දී ඔහු විසින් ජාතික මට්ටමේ තරුණ විද්‍යාඥයන්ගේ තරගයකට ඉදිරිපත් කිරීම සඳහා කාලගුණය නිර්ණය කිරීමට යොදා ගනු ලබන හීලියම් බැලුනයක් නිර්මාණය කළේය.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...