සිය දරු ගැබ ගබ්සා කරගැනීමට අවසර දෙන්නැයි දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීම පිළිබඳව ඉන්දීය වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සලකා බලමින් සිටිති.
සිය සුළු පියා අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ දැරිය තවත් මාස හතරකින් සිය දරුවා බිහිකිරීමට නියමිත බව උතුරු ඉන්දීය රෝතක් නගරයේ පොලිසිය බීබීසී යට පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටියි.
ගැබිණි කාන්තාවගේ ජීවිතයට අනතුරක් පවතින බව වෛද්‍යවරුන් සනාථ නොකරන්නේ නම් සති විස්සකට වඩා පිරුණු දරු ගැබක් ගබ්සා කිරීම ඉන්දියාවේ නීතියෙන් තහනම්ය.
ඉන්දීය සංස්කෘතිය තුළ පිරිමි දරුවන්ට වැඩි ඉල්ලුමක් පවතින බැවින් පසුගිය වසර කිහිපය තුළ ගැබිණි මවුවරුන් විසින් දස ලක්ෂ සංඛ්‍යාත දැරියන්ගේ කළල විනාශ කරනු ලැබ ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව එම නීතිය පනවනු ලැබ තිබේ.
එහෙත් සති හයකට වඩා පිරුණු දරු ගැබ ගබ්සා කිරීමට අවසර ඉල්ලමින් දූෂණයට ලක් වූ කාන්තාවන් ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙක් මෑත මාස කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළහ.
ඒ සියලු පෙත්සම් අධිකරණය විසින් වෛද්‍ය විශේෂඥයන් වෙත යොමුකරනු ලැබ තිබේ.
හර්යානා ප්‍රාන්තයේ රෝතක් නගරයේ වෙසෙන දස හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීම එවැනි එක් පෙත්සමකි.
එම දැරිය ගැබ් ගෙන ඇති බව හෙළි වී තිබෙන්නේ ඒ පිළිබඳව සැක කළ ගෘහ සේවිකාවක වශයෙන් සේවය කරන දැරියගේ මව ඇය වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය අවස්ථාවේදීය.
මව සේවයට ගිය අවස්ථාවල බොහෝ විට දැරිය නිවසේ තනි වී ඇති අතර, ඒ අවස්ථාවල මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා තමන් දිගින් දිගටම දූෂණය කළ බව දැරිය සිය මවට පවසා තිබේ.
ඒ පිළිබඳව කිසිවක් මවට නොකියන මෙන් සුළු පියා අයට තර්ජනය කර තිබේ.
පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මව විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණි කිරීමෙන් අනතුරුවය.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...