දිනකට ගුවන් යානා එකක් හෝ දෙකක් පැමිණිය ද
ලෝකයේ හිස්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොල මත්තල ගුවන්තොටුපොළ බව සුප්‍රකට
ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව පවසනවා. ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර
ගුවන්තොටුපොල ලෙස මත්තල ගුවන්තොටුපොල ඉදිකළ ද එය සාර්ථක නැති බවයි ෆෝබ්ස්
සඟරාව පවසන්නේ. මත්තල ගුවන්තොටුපොලට ඇතැම් පිරිස් පැමිණෙන්නේ එය නැරඹීමට
පමණක් බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ගුවන් යානා ශබ්ද වෙනුවට සතුන්ගේ ශබ්ද ඇතුලු වෙනත් ශබ්ද ඇසෙන බවද එහි සඳහන් වනවා. වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපොලක දැකිය හැකි ගුවන් යානා ශබ්ද, ජංගම දුරකතන වලට නිරන්තරයෙන් අමතන මගීන්, ටැක්සි රථ රියදුරන් මත්තල ගුවන්තොටුපොල පරිශ්‍රයේ නැති බවයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ. ගුවන්තොටුපොල ආරම්භයේ දී 600ක් වූ සේවක මණ්ඩලය මේ වන විට 300ක් දක්වා අඩු වී ඇත්තේ දිනකට මගීන් 10ක් 15ක් අතර පිරිසකට සේවය සැපයීමට සිදුවීම නිසා බව ගුවන් තොටුපොල කළමණාකරු ප්‍රකාශ කළ බවයි ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් කියා සිටින්නේ.

මූලාශ්‍ර - අයිටීඑන්