චීන ආණ්ඩුව ‘ඉස්ලාමීය අන්තවාදයට’ එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව පවසනවා. නව නීති අනුව, පුරුෂයන් “අසාමාන්‍ය” ලෙස රැවුල වැවීම, කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කිරීම සහ රාජ්‍ය රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කිරීම තහනම් වනවා.
චීනයේ ‘උයිගර්’ මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන්නේ ෂින්ජියාන්ග් කලාපයයි. එහි තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියෝ පවසනවා. මෑත වසර කීපය තුළ එම කලාපයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාද ගණනාවක් වාර්තා වුණා.
මෙවැනි මර්දනකාරී ප්‍රතිපත්ති නොසන්සුන්කාරී වාතාවරණයක් මතු වීමට හේතුවිය හැකි බව මානව හිමිකම් සංවිධාන පවසනවා. අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ නීති හේතුවෙන් ඇතැම් උයිගර් වැසියන් අන්තවාදය දෙසට තල්ලු විය හැකි බවටත් එම සංවිධාන අනතුරු අඟවනවා.
මුලාශ්‍ර - නෙත්
