ජනප්‍රිය නළු නිළියන් දෙපොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය හැමෝගේම අවධානයට ලක් වුණා. සමහරු හිතුවේ මේ දෙන්නා ඇත්තටම විවාහ වුණා කියලයි.
කොහොම හරි මේ පින්තූරය කොයිතරම් දුරදිග ගියාද කිව්වොත් අද වන විට අනූෂාගේ අත ගන්න ඉන්න ප්‍රේමවන්තයා පවා ඉන්නේ මූණ නරක් කරගෙනලු.
ඇත්තද මේ කතාව..?
අනූෂා මුණගැසුණු වෙලාවක අපි ඇහුවා.
ඒක ඇත්ත..මේ ඡායාරූපය දැක්ක බොහෝ අය හිතුවේ මමයි රන්ජන් අයියයි ඇත්තටම විවාහ වෙලා කියලයි...කොහොම හරි මේ ඡායාරූපය ගැන මගේ පෙම්වතාගෙනුත් බොහෝ දෙනා අහල තිබුණා.. ඒක ඇත්තටම එයාට කරදරයක් වෙන විදිහට දුරදිග ගිහින්..
සමහර අය පත්තරවල ගිය මේ පින්තූරය කපල ලියුම් පවා එවල තිබුණා. ඇත්තටම මේක ඉවසගන්නම බැරි තැන ඔහු මට කතා කරල කිව්ව, ඒක මේ විදිහේ පින්තූරයක් වෙන බව මුලදී දන්නව නම් එයාල ඔයාට ගෙවපු මුදලට වඩා වැඩි ගාණක් දීල මම ඔයාව ගෙදර නවත්ත ගන්නවා කියලා..
මේ ඡායාරූපය නිසා අනූෂත් මුහුණ දීල තියෙන්නේ සුළු පටු ප්‍රශ්න වැලකට නමෛයි. බොහෝ අය අනූෂටත් නිකම් ඉන්න දීල නැහැ.
පින්තූරය දැක්ක හැටියේ මට කතා කළ බොහෝ දෙනෙක් අවංකවම සුබ පතන්න ගත්තා. සමහරු “අනේ ඔය දෙන්න එකතු වෙච්ච එක කොයි තරම් හොඳද කියල කිව්වා.. තවත් අය මොකක්ද මේ කර ගත්තේ ඇයි රන්ජන් වගේ කෙනෙක්ව බඳින්න තීරණය කළේ කියලා ඇහුවා. විශේෂයෙන්ම ඒ විදිහට ප්‍රශ්න කළේ රන්ජන් අයියා කරන දේශපාලනයට විරුද්ධ මට හිතවත් අය බව මට වැටහුණා.. මොකද දේශපාලනික වශයෙන් මම ඉන්නේ රන්ජන් අයියා කරන පක්ෂ දේශපාලනයට විරුද්ධ පැත්තේනේ..
ඊළඟට සමහරු ඔය තීරණේ ගත්තේ හොඳට හිතල බලලද කියලත් ඇහුවා..
ඇත්තටම මේ වගේ ප්‍රශ්න එක දිගට ආවා. සමහරු මම කියන දේ විශ්වාස කළේම නැහැ. අන්තිමට මට මේකට උත්තර දීලම එපා වුණා.. දැන් කියලත් වෙනසක් නැහැ.. දන්නේ නැති අය තවම අහනවා..
අනූෂට විතරක් නමෛයි . මේ පින්තූරය නිසා රන්ජන්ටත් උත්තර බඳින්න සිදු වුණා. ඒත් අනූෂා තරම් රන්ජන් ඒක ගැටලුවක් කරගත්තේ නැහැ.
රන්ජන් අයියා මේ පින්තූරයට පෙනී ඉන්න කොටත් මහ පිස්සු වැඩ ගොඩක් කළා.. ඇත්තටම මම බොහොම අමාරුවෙන් තමයි ඒ ෆොටෝ ෂූට් එක ඉවර කළේ.. එයාට හැම වෙලාවෙම හැම එකක්ම විහිළු.. බොරු දේවල් කරල මාව බය කළා. හිනැස්සුවා. අන්තිමට, 'අනේ ප්ලීස් අයියේ මට මේක හරියට කරන්න උදව් කරන්න කියල පිංසෙන්ඩු වෙන්න පවා මට සිද්ධ වුණා..
රන්ජන් අයියා එක්ක සීරියස් වැඩ කරන එක හිතන තරම් ලෙහෙසි නැහැ..කොයි වෙලාවේ බැලුවත් ඉවරයක් නැහැ ජෝක් කරනවා..
අනූෂා කියන්නේ ඇය කවදාවත් මේ වගේ මංගල ඡායාරූපයකට පෙනී සිට නැති බවයි.
මේක තමයිලු ඇය මනාලියක් විදිහට පෙනී ඉඳල ගත්ත මුල්ම ඡායාරූපය.
ඒක නිසා වෙන්න ඇති මේක මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ඇත්තේ..ඇය සිනාසී කිව්වා.
දැන් එතකොට අනූෂා කවද්ද ඇත්තටම මනාලියක් වෙන්නේ ..මේ උණුසුමත් එක්ක ඒකත් වුණා නම් හොඳයි නේද..? අපේ ප්‍රශ්නයට ඇය නැවත වතාවක් මහ හයියෙන් සිනාසුණා.
හොඳයි තමයි...ඒත් මගේ මනාල මහත්තයා ඉන්නේ ටිකක් මුරණ්ඩු වෙලා.. ඒ නිසා අපේ මංගල්‍ය ආපහු ටිකක් විතර කල් යන ලකුණු ඇවිල්ලා ...
මූලාශ්‍ර - ලක්බිම
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...