දකුණු ඉන්දියානු සිනමාවේ පෙරළිකාර තරුවක් වුණ කමලා හසන්ගේ දියණිය වන
සූරූපි නිළි ශ්‍රැති හසන් අද ජනප්‍රිය තරුවක්. ශ්‍රැතිගේ ආකර්ෂණීය පෙනුම හා
රංගන හැකියාවන් නිසා මේ වන විටත් සාර්ථක වී සිටියද ඇය තවමත් පරණ
සැහැල්ලුවෙන් සිටි ශ්‍රැති බව ඇය මාධ්‍යයට කියා සිටින්නේ හරිම සතුටින්.
"සිනමාවට පය තැබූ විටම අපේ ජීවිත වෙනස් වෙන්නේ අපටත් නොදැනිවයි. ඒත් මම
නම් මගේ පරණ යහළුවන් සමඟ තවමත් සැහැල්ලුවෙන්, විනෝදයෙන් කාලය ගත කරන්න අමතක
කරන්නේ නැහැ. මම රංගනයට ඇවිත් දැනට වසර 8ක් විතර වෙනවා.
සිනමාව මාව
ශක්තිමත් කෙනෙක් කළා ඒකට හේතුව මගේ පියා දක්ෂ නළුවෙක් වීම නම් නෙවෙයි. මගේ
සමහර චිත්‍රපට සාර්ථක වගේම අසාර්ථක වුණ අවස්ථා තියෙනවා. මුල් කාලේ මං
රංගනයේ යෙදුණ 'Luck' 'Ahaganaga O Dheerudu' චිත්‍රපට එතරම් සාර්ථක නොවුණත්
මම මගේ උපරිමය ඒ වෙනුවෙන් කළා. Dabangg චිත්‍රපටයේ Remake චිත්‍රපටයක්
විදියට Gabbar Singr නිර්මාණය වුණා. ඒ අවස්ථාව නම් මට හරිම විශේෂයි. මේ
වැඩකටයුතුත් එක්ක මම කාර්යබහුල වුණත් මම තවමත් මගේ ආදරණීයන් හා සමීපතමයන්
සමඟ සතුටෙන් සැහැල්ලුවෙන් කාලය ගෙවනවා. සිනමා නිළියක් වුණත් මම තවමත් හරිම
සැහැල්ලුවෙන් තමයි කාලය ගත කරන්නේ" ඇය පවසනවා.
මුලාශ්‍ර - මව්බිම
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...