පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සතියකට අධික කාලයක් නිරතවුණු උපවාසය මහා සංඝරත්නයේ ඉල්ලීම් පරිදි අතහැර දැමීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
කොළඹ ජාතික රෝහලේදී මාධ්‍යට මේ බව දැන්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා, "මහා සංඝරත්නය විරවංශ මන්ත්‍රීවරයාට දැනුම්දී සිටියා, එතුමා මිය ගිහින් මේ රටට කරන සේවයට වඩා වැඩි සේවයක් එතුමාට ජිවත් වෙලා කරන්න පුළුවන්, ඒ නිසා මේ උපවාසය අත්හරින්න කියලා" යැයි කියා සිටි අතර කිරි වීදුරුවක් පානය කොට විමල් විරවංශ මන්ත්‍රීවරයා උපවාසය අත්හළ බව සඳහන් කළේය.
විමල් විරවංශ මන්ත්‍රීවරයා හමුවූ භික්ෂුන් වහන්සේ අතර දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමියෝ ද සිටියහ.
දුෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වීරවංශ මන්ත්‍රීවරයා සිය ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මෙම උපවාසය ආරම්භ කළේය.
විමල් උපවාසය අත්හරී
මින් පෙර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් විරවංශ මන්ත්‍රීවරයා යෙදුනු උපවාසය මෙන්ම මෙම උපවාසය ද අරමුණ ඉටු නොවී අවසන් වුව නොවේදැයි එහි පැමිණ සිටි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් බීබීසි විමසිය.
"නැහැ, උපවාසය පටන් ගත්තේ ඔහුට වුන අසාධාරණයක් වෙනුවෙන්, නමුත් යුතුකම ඉටුවුණේ නැතත් මහ සංඝරත්නයට ගරු කරන එක සුභවාදී දෙයක්" බව ඊට පිළිතුර විණි.
ඇතැම් අවස්ථාවලදී කරන සැම දේම සාර්ථක නොවන නමුත් එයින් රටට පණිවිඩයක් ලැබුණු බව ද රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.
මුලාශ්‍ර - බීබීසී
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...