වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ
සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත
ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය
විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ.
ඩී.එන්.ඒ ප්‍රකෘතිමත් කිරීම සහ සෛල වයස්ගත වීම තුළ තිබෙන සංඥා
ක්‍රියාවලියක් අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම නව ඖෂධය සංවර්ධනය කිරීමට
පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබේ. පර්යේෂණාගාර මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය
අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය
වීම නිසා හෝ හානිවන ඩී.එන්.ඒ අණුව සෘජුවම ප්‍රකෘතිමත් (නැවත පිළිසකර) කරන
බව අනාවරණය වී ඇත.
‘සතියක ප්‍රතිකාරවලින් පසු තරුණ මීයන්ගේත් වයස්ගත මීයන්ගේත් සෛල හඳුනාගත
නොහැකි’ යැයි ප්‍රධාන කර්තෘ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලෙයාර් ප්‍රකාශ කර ඇත.
මාස හයකට මෙම නව ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිතය.
‘වයස්ගත වීම වළක්වන ආරක්ෂාකාරී ඖෂධයක් සොයාගත් ආසන්නම අවස්ථාව මෙයයි. ඉදිරි
පර්යේෂණ සහ අත්හදා බැලීම් සාර්ථකව වුවහොත් තවත් වසර තුනත් හතරත් අතර
කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට ලබාදිය හැකියි’ යැයි මහාචාර්ය සින්ක්ලෙයාර්
පැවැසීය.
මෙම නව සොයාගැනීම නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇත. අඟහරු මත කෙරෙන සිවු
අවුරුදු මෙහෙයුමදී අභ්‍යාවකාශගාමීන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ
අභියෝගයට සාර්ථකව මුහුණදීම සඳහා නාසා ආයතනය මෙම නව ඖෂධය සලකා බැලීමට
නියමිතය. අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) හේතුවෙන් ඉතා කෙටි
මෙහෙයුම්වලදී පවා අභ්‍යාවකාශගාමීන්ගේ වයස්ගතවීමේ වේගය ඉක්මන් වන අතර එම
විකිරණවලට නිරාවරණය වීම නිසා මාංශපේශී දුර්වල වීම, මතකය අහිමි වීම සහ
අනෙකුත් රෝගාබාධවලට ඔවුහු ගොදුරුවෙති. අඟහරු ග්‍රහයාට ගිය අවස්ථාවකදී එය
වෙනස්වීමට ඉඩ ඇත. අභ්‍යවාකාශගාමීන්ගේ සෛලවලින් සියයට පහක් විනාශ වන අතර
ඔවුන්ට පිළිකා ඇතිවීමේ අවදානම සියයට සියයකි.
ඉකුත් දෙසැම්බර් මාසයේදී නාසා ආයතනය සංවිධානය කළ ‘නාසා අයිටෙක්’ තරගයේ
ජයග්‍රහකයන් වූයේ ද මහාචාර්ය සින්ක්ලෙයාර් සහ ඔහුගේ මිතුරා වන ආචාර්ය
ලින්ඩ්සේ වූ ‘ජීව විද්‍යාත්මක ගැටලුවකට අපි පිළියම් සොයාගත්තා. ඒ නිසා
300ක් අතරින් අපට ජයග්‍රහණය හිමිවුණා’ යැයි ආචාර්ය වූ පැවැසීය.
අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) ගගනගාමීන් මුහුණ දෙන ගැටලුවක්
පමණක් නොවේ. ගුවන් ගමන්වලදී විකිරණවලට නිරාවරණය වන අතර ලන්ඩන් -
සිංගප්පූරුව - මෙල්බන් යන ගුවන් ගමනකදී අපි සියලු දෙනා පපුවට ගමන් කරන
එක්ස් කිරණ විකිරණයකට මුහුණ දුන්නා හා සමානය.
න්‍යායාත්මකව නව වයස්ගත වීම වළක්වාලන ඖෂධය නිතර ගුවන් ගමනවල යෙදීමෙන්
ඩී.එන්.ඒ අණුවලට බලපෑම් එල්ල වූ මඟීන්ට ද ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකිය.
ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස මෙම නව ඖෂධයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි
තවත් කොට්ඨාසයකි.
ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස්වලින් සියයට 96කට ආසන්න පිරිසකට වයස
අවුරුදු 45 පමණ වන විට නිදන්ගත රෝගවලින් පීඩා විඳින බව ආචාර්ය වූ පැවැසීය.
ඔවුන්ගෙන් බොහෝ දෙනා හදවත් රෝග, දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය,
ඇල්ෂයිමර් රෝගී තත්ත්වය, මුල් තත්ත්වයට වඩා වෙනස් පිළිකා රෝග තත්ත්වලට
ගොදුරු වෙති. ‘ඔවුන්ගේ වයස්ගත වීමේ වේගය ද ඉක්මන් වනවා. එය ඉතා බරපතළ
තත්ත්වයක්’ යැයි ආචාර්ය වූ පැවැසීය. ‘අපට ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන්
නම් එය විශිෂ්ටයි. මේ අණුවලින් අපට යමක් කරන්න පුළුවන්. අපට එය විශ්වාසයි.
මීයන් යොදාගනිමින් නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණ
සාර්ථකයි. නව ඖෂධය ඔස්සේ කලින් කී රෝගවලටත් ප්‍රතිකාර කිරීමේ හැකියාවක්
තිබෙනවා’ ආචාර්ය වූ සඳහන් කළේය.
ස්වභාවිකවම අපගේ සෛලවල සූර්ය නිසාත් විවිධ හේතු නිසාත් හානිවන ඩී.එන්.ඒ
අණු නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරගත හැකි වුවත් වයස් ගත වීමත් සමඟ එම
හැකියාව නැති වී යනවා. සිරුරේ තිබෙන සෑම සෛලයකම ස්වභාවිකම තිබෙන සෛල සංඥා
සපයන NAD+ අණුව ඩී.එන්.ඒ අණු ප්‍රකෘති තත්ත්යට පත් කරන ප්‍රෝටීන අන්තර්
ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව සොයාගැනීමට විද්‍යාඥයන්
සමත්ව තිබේ. මීයන්ට NAD+ අණුව , වර්ධකයක් (එන්.එම්.එන්, තමන්ගේ සෛල
වර්ධනයක්) යොදා ගනිමින් ප්‍රතිකාර කර ඇති අතර එහිදි වයස්ගත වීම නිසා හෝ
විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානි වූ ඩී.එන්.ඒ අණු ප්‍රකෘතිමත් කිරීමේ
හැකියාව ඇති බව සොයාගෙන ඇත.
මේ වසරේදීම බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහලේදී මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිතය.
මුලාශ්‍ර - ලංකාදීප
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...