ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන ආයතන කිහිපයක අලෙවියට ශ්‍රී ලංකාව
සහ නේපාලයේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා
වනවා.
ශ්‍රී ලංකාව හා නේපාලය ණය ලබාදීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා මෙම
තත්ත්වය උද්ගතව ඇති බවයි ඉන්දියාවේ බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙබ් අඩවිය සඳහන්
කර ඇත්තේ.
රෙනෝල්ට්, බජාජ්, මරුටි සුසුකි හා ඉන්දියාවේ ඇති නිසාන් සමාගමේ අලෙවිය
මේ වනවිට පහත බැස ඇති අතර බජාජ් සමාගම පවසා ඇත්තේ තම ආයතනය නිශ්පාදනය කරන
ත්‍රීරෝද රථ අලෙවිය පමණක් සියයට 25කින් පමණ පහත බැස ඇති බවයි.
මෝටර් රථ සඳහා ණය ලබාදීමේදී තක්සේරු අගය මත ලබාදෙන ණය ප්‍රමාණය 50%ක්
කිරිමටත්, ත්‍රීරෝද සඳහා එම අගය 25%ක් කිරීමටත් ශ්‍රී ලංකාවේ පසුගිය
අයවැයෙන් පියවර ගනු ලැබුවා.
එසේම නේපාලය තුළ මෝටර් රථ අලෙවිකිරීම අධෛර්යමත් කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
