අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා
කියලා. තවත් විදියකට කියනවනම්, “කොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල්
නැති කරගන්නේ?” වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට
ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද market එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග
ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින්
හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න
විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව
ලස්සන වෙන්න පුළුවන් පුංචි tips ටිකක්…
01. එළකිරි මගින් සම හා සමේ ඇති කුහර පිරිසිදු කර ගැනීම
සම පිරිසිදු කරගන්නට ආයුර්වේදය භාවිතා කරන එක ද්‍රව්‍යක් තමයි “එළකිරි”.
ඇත්තටම එය ඔයාගේ මුහුණට දීප්තියක් ගෙන දෙනවා. ඒ වගේම සමේ හා කුහර වල ඇති
දුවිලි, අපද්‍රව්‍ය සේරම වගේ මෙයින් පිරිසිදු වෙනවා. Cotton ball එකක්
ආධාරයෙන් ඔයාට මේ cleanse එක කර ගන්න පුළුවන්. කැමතිනම්, ඔයාට මේ එළකිරි
වලට ලෙමන් යුෂත් මිශ්‍ර කර ආලේප කරන්න පුළුවන්.
02. දොඩම් වලින් සමේ අවපැහය ඉවත් කර ගැනීම
නැවුම් දොඩම් ගෙඩියක් ගෙන එය ඔයාගේ මුහුණේ ආලේප කිරීමෙන්, ඔයාගේ සමේ
ස්වභාවය වැඩි වර්ධනය කර ගන්න පුළුවන්. දොඩම්, විටමින් C වලින් බහුල නිසා,
මෙය skin toner එකක් විදියටත් ක්‍රියා කරනවා. ඇත්තටම, මෙය හොද ප්‍රතිකාරයක්
තෙල් සහිත සමකට.
මූලාශ්‍ර : Yeheliya
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...