දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව
ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්ධයෙන්
අක්මීමණ පොලිසිය
පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම
දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී
ඇත.
මෙම දැරිය දූෂණය කළා යයි කීවාට සත්‍ය ලෙස විමසා බැලීමේදී ඇයවරින් වර එක් එක් පුද්ගලයින් රැගෙන ගොස් නතර කර තබාගෙන අඹුසැමියන් ලෙස
හැසිරී ඇති සෙයක් පෙනී යන අතර ඇය අවස්ථා කිහිපයකදීම දින ගණන් නිවසේ නැතිව
සිටියදීත් ඇයගේ ආරක්සාව වෙනුවෙන් නිවැසියන් උනන්දු නොවීමද ප්‍රහේලිකාවකි.
මෙම දැරිය 2016 අගෝස්තු මාසයේ දිනක රත්ගම ප්‍රදේශයේ තරුණයකු විසින් නුගදුවට
පැමිණීමට කියා රැගෙන ගොස් අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දින තුනක්
තබාගනිමින් දූෂණයට ලක් කර ඇති බව ඇයගේ මව පවසන පළමු සිදුවීමයි.
පසුව 2017 පෙබරවාරි 10 දින බළපිටිය ප්‍රදේශයේ ටයිල් බාස් කෙනකු මෙම දැරිය
මීගමුව ප්‍රදේශයේ කාමරයකට රැගෙන ගොස් සති තුනක පමණ කාලයක් එම කාමරයේ නතර කර
ගනිමින් දූෂණයට ලක් කර ඇති බව දෙවැන්නයි.
මෙම දැරිය දූෂණයට ලක් කළ බැව් කියන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහ
දැරිය දූෂණයට ලක් වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලය සහ මීගමුව ප්‍රදේශයේ කාමරය
සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...