"මම ඉපදුණේ නිව්යෝර්ක්වල. හැදුණේ බටහිර පරිසරයක. කතෝලික පාසලක අධ්‍යාපනය ලබපු මට හිතුණ ලංකාවේ සංස්කෘතිය මේ රටේ අයට පෙන්වන්න ඕන කියලා. මගේ තාත්ත තමයි නිව්යෝර්ක්වල පළමු ශ්‍රී ලාංකික අවන්හල ආරම්භ කළේ. එතනට එන අන්‍ය ජාතිකයන්ට අපේ රටේ අනන්‍යතාව පෙන්වන්න මම සුළුවෙන් කෞතුකාගාරයක් පටන් ගත්තා. මට අවශ්‍ය වුණා මගේ රටේ අභිමානය ලොවට පෙන්වන්න."
එලෙස බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ජූලියා විජේසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබා දැනට උසස් අධ්‍යාපනය හදාරන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියකි.
විදේශයක වාසය කළ ද ඇය කුඩා කල සිට ම සිය පියාගේ ආභාසය අනුව යමින් ශ්‍රී ලාංකික සංස්කෘතියට මුල් තැන දී කටයුතු කරන්නට වූවාය.
"සැටන්"හි ශ්‍රී ලාංකික අවන්හලක් පවත්වාගෙන යන ජූලියාගේ පියා එම අවන්හල නිමවා ඇත්තේ ද ශ්‍රී ලාංකික හුරුවට මුල් තැන දෙමිනි.
එහි පැමිණෙන සියල්ලන්ට ශ්‍රී ලාංකික ආහාර වේලක් රස විඳින අතර ම ලාංකීය චිත්‍ර සහ මූර්ති සම්බන්ධයෙන් ද අත්දැකීමක් ලබා ගත හැකිය.
මේ පරිසරය තුළ කුඩා කල සිට හැදී වැඩුණ ජූලියා අවන්හලට පැමිණෙන පුද්ගලයින් එහි ප්‍රදර්ශනයට තබා ඇති නොයෙකුත් භාණ්ඩ කෙරෙහි දක්වන ආකර්ෂණය ද නිරීක්ෂණය කළ බව බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
තමන් අධ්‍යාපනය ලබන පාසලේ ව්‍යාපෘති පැවරුමකට අනුව යමින් ශ්‍රී ලාංකික කෞතුක භාණ්ඩ සහ අනුරූ එකතු කිරීමට පෙළඹුණු ඇය, ඒවා නිව්යෝර්ක්හි ප්‍රදර්ශනයකට තැබීමට අදහස් කළාය.
"තාත්තා පුදුම වුණා මම මුලින් ම කෞතුකාගාරයක් ගැන අදහස කිව්වා ම. තාත්තා මගෙන් ඇහුව කොහොම ද ඔයා මේක සැලසුම් කරන්නේ කියලා. මොක ද මට එතකොට අවුරුදු 15යි. තාත්තා මට කිව්වා මුලින් ම ඔයා ලංකාව ගැන වගේ ම සංස්කෘතිය ගැන තවත් දැනුවත් වෙන්න කියලා. හැබැයි මට උපදෙස් දුන්නා මුලින් ම මේකට අවශ්‍ය කරන භාණ්ඩ තවත් ඒකරාශී කර ගන්න කියලා."
සිය මිත්තණියට බෙහෙවින් ආදරය කරන ජූලියා තමන්ට වයස අවුරුදු තුන සපිරුණු මොහොතේ සිට සෑම වසරක ම පාසල් නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණියාය.
එලෙස පැමිණෙන අතරවාරයේ සිය අනාගත අභිලාසය සාක්ෂාත් කර ගැනීම සඳහා ඇය දැඩි කැපවීමකින් කටයුතු කළාය.
අවස්ථා කිහිපයකදී ජාතික කෞතුකාගාරය නිරීක්ෂණය කළ ජූලියා විවිධ කාල පරාසයන්ට අවේණික කෞතුක භාණ්ඩ ගැන ප්‍රාමාණික දැනුමක් ද ලබා ගත්තාය.
එමෙන් ම දේශීය හස්ත කර්මාන්තය ගැන අධ්‍යයනය කර බොහෝ නිර්මාණ මිලට ගත් ඇය එම නිර්මාණ නිව්යෝර්ක් වෙත රැගෙන ගියාය.
දිවයිනේ බොහෝ පළාත්වල සංචාරය කරමින් හස්ත කර්මාන්තයේ නිරත මුල් නිර්මාණකරුවන් මුණගැසී එම නිර්මාණ ඉතිහාසය සහ විකාශනය පිළිබඳව හසළ දැනුමක් ද ලබා ගත් බව ජූලියා බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
කුඩා කල සිට ම චිත්‍ර ශිල්පයට ද ඇල්මක් දැක්වූ ඇය දේශීය සාම්ප්‍රදායික චිත්‍ර කර්මාන්තය නිරූපණය කෙරෙන බොහෝ නිර්මාණ ද එක් රැස් කළාය.
දිවයිනට පැමිණි ඇතැම් අවස්ථාවන්හිදී පුරාණ රාජධානි පැවති ඓතිහාසික ස්ථාන රැසක සංචාරය කළ ඇය අනාගතයේ ආරම්භ කරන කෞතුකාගාරයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වූ බව පැවසීය.
එමෙන් ම අපනයන වෙළෙඳාම කෙරෙහි නැඹුරුවක් දක්වමින් තේ, පොල් සහ රබර් කර්මාන්ත මෙන් ම මුතු මැණික් කර්මාන්ත සම්බන්ධයෙන් ද අධ්‍යයනය කර කෞතුකාගාරයට පැමිණෙන්නන්ට ඒ සම්බන්ධයෙන් ද වැඩි දැනුමක් ලබා දිය හැකි ආකාරයේ නිර්මාණ බිහි කිරීමට තීරණය කර තිබිණ.
අවසානයේදී 2017 වසරේ මාර්තු මස 27 වන දාට යෙදුණු ඇයගේ උපන් දිනය දා ජූලියා සිය අරමුණ සාක්ෂාත් කර ගනිමින් "Sri Lankan Art & Cultural Museum" නමින් සිය කෞතුකාගාරය විවෘත කළාය.
"ඇත්තට ම මගේ අරමුණට මට යන්න ඕන වුණේ ස්ථාවරව වගේ ම බොහොම හෙමින්. මට දැනුම ලබා දෙන්න තාත්තා ගොඩක් මහන්සි වුණා. පොතපත ගෙනත් දුන්නා. මම රැස් කළ භාණ්ඩ අතරට තාත්තා කළ නිර්මාණ රාශියක් ද එකතු කළා. තාත්තා හිතුවේ නෑ මුලින් මම මේ තරම් කැප වෙලා භාණ්ඩ එක්රැස් කරයි කියලා. මම මගේ හීනය හැබෑ කර ගත්තා."
එතැන් පටන් තමන්ට වැඩි කාලයක් යොදවා කෞතුකාගාරයේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවූ බව ජූලියා ප්‍රකාශ කළාය.
එමෙන් ම නිව්යෝර්ක්හි දිවි ගෙවන බොහෝ දෙනා තමන් ශ්‍රී ලාංකික කෞතුකාගරයක හිමිකාරියක ලෙස හැඳින්වීම නිහතමානී ආඩම්බරයකට ද හේතු වූ බව ද ජූලියා පවසන්නීය.
නිව්යෝර්ක්හි පැවැත්වෙන විවිධ සංස්කෘතික උත්සව නියෝජනය කිරීමට ඇයට ආරාධනා ලැබී තිබිණ.
ලද හැම අවස්ථාවකදී ම ඇය තම කෞතුකාගාරය සම්බන්ධයෙන් මෙන් ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්‍ය ජාතිකයින් දැනුවත් කළාය.
දිනෙන් දින මෙම ශ්‍රී ලාංකික කෞතුකාගාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් නගරයේ වැඩි කතාබහක් ඇති වූ බව ජූලියා පවසන්නීය.
බොහෝ පිරිසක් එහි නිර්මාණ රස විඳීමට පැමිණි අතර ඇතැම් ශ්‍රී ලාංකිකයින් තමන්ට විවිධ කෞතුක භාණ්ඩ තෑගි වශයෙන් ලබා දීමට තරම් කාරුණික වූ බව ද ඇය සිහිපත් කළාය.
බොහෝ රටවල් තම නිර්මාණ එළිදැක්වීම සඳහා සංවිධාන කරන උත්සවවලට තමන්ට ආරාධනා ලැබුණු බව පවසන ජූලියා, එහිදී ද රට සම්බන්ධයෙන් වැඩි දැනුමක් ඔවුන්ට ලබා දීමට තමන්ට හැකි වූ බව ද පවසන්නීය.
"මට අවශ්‍ය වුණා පොඩියට හරි හොඳ දෙයක් කරන්න. ඒ වගේ ම දැනුමින් සන්නද්ධ වන්න. මොක ද යම් නිර්මාණයක්, සිතුවමක් හෝ යුගයක් ගැන කවුරුහරි ඇසුවොත් උත්තර දෙන්න අවශ්‍යයි. ඒ නිසා මම ඇත්තට ම නොදන්නා ඉතිහාස විෂය කරුණු අධ්‍යයනය කළා. මොක ද මගේ පියා මගෙන් ඒ වගේ කැපවීමක් බලාපොරොත්තු වුණා. ඔහු මට ඒ සඳහා අවුරුදු තුනක කාලයක් දුන්නා මේ සියලු දේ සම්පුර්ණ කර ගන්න".
වසරක් ගත වීමට ද මත්තෙන් ජූලියා සහ ඇගේ උත්සහය බොහෝ අගැයීමට පාත්‍ර විය.
අවන්හලට දේශීය ආහාර සොයා පැමිණෙන පුද්ගලයින්ට අමතරව බොහෝ පිරිසක් දේශීය අනන්‍යතාව පිළිබඳව අධ්‍යයනය කිරීමට කදිම තෝතැන්නක් ලෙස සලකා කෞතුකාගාරය නැරඹීමට පැමිණ තිබිණ.
"එන්න එන්න ම කෞතුකාගාරය දියුණු වුණා. ඉඩ කඩ මදි වුණා. මොක ද වැඩි පිරිසක් නරඹන්න එනවා. අලුතින් භාණ්ඩ එක් වුණා. ඉතින් මම කල්පනා කළා වෙන තැනකට ගෙනියන්න. මම ඒ අදහසත් තාත්තට කිව්වා. ඇත්තට ම තාත්තත් ඒ අදහසින් ම හිටියා. ඒ වගේ ම මගේ උත්සහය අගය කළ හැම දෙනා ම මාව දිරිමත් කළා. අවසානයේ මම ඉකුත් වසර අග භාගයේදී මම මගේ කෞතුකාගාරය වෙනත් තැනක වඩා ක්‍රමවත් මෙන් ම නිර්මාණශීලීව යළි නිර්මාණය කළා," ජූලියා පැවසීය.
ඒ අනුව ස්ටැටන්හි කැනන් වීදියේ අංක 66 දරන ස්ථානයේ නව කෞතුකාගාරය ඉදි කෙරිණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරන සියලු ආගම්, විවිධ ජාතීන්ට අයත් ඇඳුම් ආයිත්තම්, සංගීත භාණ්ඩ, ශිලා නිර්මාණ අනුරූ මෙන් ම කැටයම් නිර්මාණ මෙහි පැමිණෙන අයෙකුට දැකගත හැකි බව ඇය පවසයි.
එමෙන් ම ජූලියා පවසන පරිදි ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව දැනුමක් ලබා ගැනීමට ද මෙහි හැකියාව පවතී.
නව තාක්ෂණික ක්‍රම මගින් දේශීය අනන්‍යතාව සවිස්තරාත්මකව පැහැදිලි කිරීම මෙන් ම සිත් ඇදගන්නාසුලු ගෘහ නිර්මාණකරණය තුළින් කෞතුකාගාරයකට අවශ්‍ය ප්‍රමිතිය ලබා දීම බොහෝ නරඹන්නන් නිතර අගය කරන බව ඇය පවසන්නීය.
තමා වැනි ම ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ බොහෝ දරුවන්ට සිය දෙමාපියන්ගේ මව් රටෙහි අභිමානය මෙන් ම ඉතිහාසය සම්බන්ධයෙන් දැනුමක් ලබා ගැනීමේදී මේ උත්සහය අගැයීමට ලක්වන බව ද ඇය පවසන්නීය.
ඇමෙරිකානු ජන සමාජයේ පිළිගැනීම
එමෙන්ම පාසල් වයසේදී මෙවැනි කාර්යයකට මුල පුරමින් එය සාර්ථක කර ගත් තරුණියක ලෙස ඇමෙරිකානු සමාජය තුළ ද තමන්ට වැඩි පිළිගැනීමක් ලැබී ඇතැයි ජූලියා පවසන්නීය.
එරට ප්‍රධාන පෙළේ රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා මෙන් ම මුද්‍රිත මාධ්‍ය ඇයගේ මෙම උත්සහය අගය කර තිබිණ.
මේ සියලු ප්‍රතිචාර මධ්‍යයේ තම කෞතුකාගාරයට ඇමෙරිකානු රජයේ පිළිගැනීම ලබා දිය හැකි ආකාරයක් සම්බන්ධයෙන් ද ඇය අවධානය යොමු කළාය.
"මට අවශ්‍ය වුණා ඇමෙරිකාවට පැමිණෙන සංචාරකයෙක් මුලින් ම පිරික්සුමට ලක් කරන රටේ සිත් ඇදගන්නා ස්ථාන ලැයිස්තුවට මගේ කෞතුකාගාරයේ නම ඇතුළු කරන්න. ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මම උත්සහ කළා. මම ඉල්ලීම් ඉදිරිපත් කළා. ගුණාත්මකභාවය වැඩි දියුණු කළා. අවසානයේ මම ජයග්‍රහණය කළා. ඒක මට වගේ ම මගේ රටට ආඩම්බරයක්. මගේ මේ උත්සහය අද ජාත්‍යන්තර තත්ත්වයට පත්වීම පුංචි මම ලබපු ලොකු ජයග්‍රහණයක්."
ඒ අනුව නිව්යෝර්ක්හි සංචාරයට පැමිණෙන කාහට වුව ද එරට රජය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලැයිස්තුගත කර ඇති වෙබ් අඩවියට පිවිස "Sri Lankan Art & Cultural Museum" නමින් ජූලියාගේ ලාංකික කෞතුකාගාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා ගත හැක.
වයස අවුරුදු තුනේ සිට ලංකාවට පැමිණි සිය මිත්තණිය සමග සතුටින් ගත කරමින් ජාත්‍යන්තරය ජය ගත්ත ද මෙවර ඇයට ලංකාවට පැමිණ එලෙස සතුටින් සිටීමට හැකියාව නොලැබිණ.
"මම මේ හැම තැනකට ම ලංකාවේ අරගෙන ගියේ මගේ අත්තම්ම. ඇය තමයි පියා වගේ ම මට තිබුණ ශක්තිය. ඇය අපි අතරින් සමුගත්තා. මම මේ වසරේ ලංකාවට ආවේ ඇය වෙනුවෙන් අවසන් කටයුතුවලට සහභාගි වන්න. මම තවත් මේ කෞතුකාගාරය දියුණු කරනවා. ඒක ඇයටත් ආඩම්බරයක් වේවි. මට අවශ්‍යයි මුළු ලෝකයට ම කියන්න ශත වර්ෂ ගණනාවක් පැරණි ඉතිහාසයක් හිමි රටක මම කොටස්කාරියක් කියලා ලෝකෙට ම කියන්න," ජූලියා අධිෂ්ඨානශීලීව පැවසීය.
(Courtesy : BBC)

No comments:
Post a Comment